වීරවංශගේ බයියො පිස්සු කෙලිනවා - රංජන්

Published in පුවත්
Thursday, 04 June 2015 19:24

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කාණ්ඩයක් විසින් අන්තර්ජාලය හරහා ජනතා මනස විකෘති කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

තමාට විරුද්ධව එල්ල කළ හැකි වෙනත් චෝදනා නොමැති බැවින් විමල් වීරවංශගේ බයියන් පිරිසක් විසින් තමාගේ කීර්ති නාමය විනාශ කිරීමට තම ඡායාරූප සහ මාධ්‍ය අායතන වල ලාංඡන අැතුළත් කරමින් තමා නොකියූ දේ පළ කරන බව පවසා සිටියේය. ජනතා මනස විකෘති කර මැරයන් බලයට ඒමට සිදු කරන මෙවැනි ක්‍රියා හෙළා දකින බව ඔහු පවසා සිටියේය.

තම කීර්ති නාමය විනාශ කිරීමේ මෙම ක්‍රියාදාමය පිළිබදව මිරිහාන පොළීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ඔහු අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ දේශපාලඥයන් මාංචු දමාගෙන හිර ගෙදරට යන අාකාරය හින්දි චිත්‍රපට වලට පමණක් සීමාවූවක්ව තිබූ බවත්,එය හිතළුවක් පමණක් වේ යැයි සිතූ බවත්ය. වර්තමාන යහපාලන අාණ්ඩුව මගින් තරාතිරම නොබලා වැරදිකරුවන් අැල්ලීම සිදුවන බව ඔහු පැවසුවේය.

FCID ය විනිවිද භාවයකින් යුක්තව කටයුතු කරන බවත් විරුද්ධ පක්ෂයේ අයට මෙන්ම අාණ්ඩුවේ අැමතිවරුන්ට විරුද්ධව අැති පැමිණිලිද විමර්ශනය කර නීතිමය පියවර ගත් බවද පැවසුවේය.පාලිත තෙවරප්පෙරුම බන්ධනාගාර ගතවූයේද එම විනිවිදභාවය නිසා බවත් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස පිළිබදව ද ලැබී අැති පැමිණිල්ලක් අනුව විමර්ශනයක් සිදු කිරීමට නියමිත බව පැවසුවේය.

පසුගිය දිනක දකුණු පළාත් සභා ඇමති ඩී. වී. උපුල් නාමල් රාජපක්ෂද ළග තබාගෙන FCID යේ පොළිස් කට්ටා ගේ සිට ඉහළම නිලධාරියා දක්වා වන සියල්ලන්ට ගල් ගසා මරා දැමිය යුතු බවට සිදු කළ ප්‍රකාශය පිලිබදව ඔහුව නීතිය ඉදිරියට පැමිණ විය යුතු බවත් පැවසුවේය. පරාජිත දේශපාලඥයන්ට උවමනා වී අැත්තේ රට බේරා ගැනීමට නොවන බවත් ඔහුට අවශ්‍ය වන්නේ පවුලේ උදවිය සහ හිතවතුන් අාරක්ෂාකර ගැනීමට බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

Ranjan-ramanayake-02

 

Last modified on Thursday, 04 June 2015 19:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us