වසර 150ක් පැරණි පත්තරයක් යලි මුද්‍රණයවේ

Published in කලා
Thursday, 04 June 2015 14:12

ලංකාවේ ඉපැරණිම සිංහල පුවත්පත වන ‘ඥානාර්ථ ප‍‍්‍රදීපය’ පුවත්පත අඛණ්ඩවම වසර150 ක් පුරා පළ කරනු ලංකාවේ ඉපැරණිම සිංහල පුවත්පත වන අතර එය මුද්‍රණය කරන කොළඹ කතෝලික මුද්‍රණාලයද සිය වසර 150 සපුරමින් ඉපැරණිම මුද්‍රණාලයක් ලෙස එය සමරණු ලබයි. එම ජයන්ති සැමරුම වෙනුවෙන් මෙවර පත්තර ලොවේ පෙරලිකාර වැඩ කිහිපයක් සිය 150 ජයන්ති වසර ප‍‍්‍රකාශ කිරීමේ විශේෂ කලාපය මගින් සිදු කරනු ලැබ ඇත.

එනම් වසර 150 කට පෙර පිටු 4 කින් මුද්‍රණය වූ ප‍‍්‍රථම ‘ඥානාර්ථ ප‍‍්‍රදීපය’කලාපය වසර 150 කට පසු නැවත මුද‍‍්‍රණය කරමින් සමරු කළඹක් ලෙසින් පාඨකයින් අතට
පත් කිරීමය.

එලෙසින්ම එහි මෙවර විශේෂ 150 වසර සැමරුම් කලාපයේ මුල් පිටුව ඇතුළු පිටුවද ඉපැරණි පළමු කලාපයේ පැවති පිටු සැලසුමට අනුව පැරණි පෙනුමකින් මුද‍‍්‍රණය
කිරීම පත්තර ලොවේ ඉතා සුවිශේෂ සිදුවීමකි.

සන්ඬේ ලීඩර්, ඉරුදින, මව්බිම, සියත වැනි ජාතික පුවත්පත් රැසක පිටු සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කළ සම්මානනීය පිටු සැළසුම් ශිල්පී තිළිණ අලහකෝන්ගේ
සංකල්පයක් අනුව මෙම ඓතිහාසික පුවත්පත් මුල්පිටුව නිර්මාණය කර ඇත.

ගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමාගේ ප‍‍්‍රධාන කර්තෘත්වයෙන් වර්ථමානයේ නව මුහුණුවරකින් හා පෙනුමකින් දොරට වඩින‘ඥානාර්ථ ප‍‍්‍රදීපය’ පුවත්පත ලංකාවේ
පුවත්පත් හා සාහිත්‍ය කලාවට අමර”ය මෙහෙවරක් කරමින් ප‍‍්‍රකට මාධ්‍යවේදීන්, සාහිත්‍යවේදීන් හා ලේඛකයන් රැසක් බිහිකිරීමට දායක වූ දැවැන්තම සිංහල පුවත්පතද
වේ.

දැනට පළවන ඉපැරණිම සිංහල පුවත්පත වන මෙහි 150 වන වසර 2016 මස ජූනි 7 වැනි දිනට යෙදී තිබේ. එනිසාම 150 ජයන්ති වසරට පාතබමින් ලබන ජුනි 12 වැනි දින උදෑසන කොළඹ අගරදගුරු මැදුරේ දී විශේෂ දිව්‍ය පූජාවකින් අනතුරුව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් ප‍‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

150 වසරේ ජයන්තිය වෙනුවෙන් සුවිශාල සම්මාන මාධ්‍ය ප‍‍්‍රධානයක් හා මාධ්‍ය වැඩමුළු රැසක් පැවැත්වීමටද එහි සංවිධාන කමිටුව මේ වන විට සූදානම් වන බව තරුණ ක‍්‍රිස්තියානි ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කරයි

2-Final-1st-OLD-paper--page

2-Gp-New-page

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us