ශී‍්‍ර ලාංකික රංගන ශිල්පියෙකු වන ජගත් චමිල ලෝකයේ සම්මාන උලෙළවල් අතර, තවත් සම්මාන උලෙළක් වන නිව්යෝර්ක් සිටි සම්මාන උලෙළේ දක්ෂතම නළුවාට හිමි සම්මානය දිනාගත් විට එය ලංකාවේ මාධ්‍යවල ප‍්‍රධාන සිදුවීමක් විය. මාධ්‍යවලට ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා විය. ඔහුට පිළිගැනීම් ගෞරව සම්මාන නොඅඩුව ලැබිණ.
ජගත් චමිලගේ රංගනය හෝ ඔහු දිනාගත් සම්මානය අවතක්සේරු කළ නොහැකිය. එහෙත් කෑන්ස්හි පාම් දෝ රන් සම්මානය දිනූ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ ශී‍්‍ර ලාංකික නළුවාට, සිනමා ලෝකයේ වඩාත් කතාබහට ලක්වූ සෝභාශක්තිට ගෞරවය වෙනුවට හිමිවූයේ "ළමා කොටියාට ප‍්‍රංශ සම්මානයක්" වැනි පටු ප‍්‍රතිගාමී වටිනාකමක් වීම කනගාටුදායකය.
දීපන්
ශී‍්‍ර ලාංකික දේශපාලන සරණාගතයන් වශයෙන් තරුණයෙකු තරුණියක සහ දැරියක යුද්ධයෙන් ගැලවී ප‍්‍රංශයට ගොස් ජීවත් වන්නට ගන්නා අසීරු උත්සාහය දීපන් චිත‍්‍රපටයේ තේමාව වී ඇත. චිත‍්‍රපටය පිළිබඳව හඳුන්වමින් සිනමා උලෙළේදී පැවසෙන්නේ මෙය ආදරය පිළිබඳ චිත‍්‍රපටයක් බවයි. එමෙන්ම වෙන්වීම,හිංසනය ගැන කතා කරන චිත‍්‍රපටයක් බවයි. චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ ජැක් ආඩියාඞ්ය. ඔහු මීට පෙරද කෑන්ස් ඇතුළුව ප‍්‍රධාන සම්මාන උලෙළවල් රැසක සම්මාන දිනූ අධ්‍යක්ෂවරයෙකි. ප‍්‍රථම වරට විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් තේමා කරගත් චිත‍්‍රපටයක් කිරීම සහ සෝභාශක්ති වැනි නවකයෙකු ප‍්‍රධාන චරිතයට තෝරාගැනීම ඔහු ගත් වටිනා තීරණ ලෙස හැඳින්විය හැකිය.
සම්මානය ලබාගත් පසු මාධ්‍ය හමුවේ සෝභාශක්ති ප‍්‍රකාශ කළේ මෙය අර්ධ වශයෙන් තමන්ගේ කතාවද වන බවයි. සැබැවින්ම මෙය සෝභාශක්ති පමණක් නොව දහස් ගණනක් ලාංකිකයන්ගේ කතාවය. අනෙක් අතට මෙය විශ්වීය කතාවකි. මෙය මිලියන ගණනක් දේශපාලනික සරණාගතයන්ට අදාළ චිත‍්‍රපටයකි.
දීපන් නමැති තරුණයා තම පවුල ඝාතනය කළ යුද්ධයෙන් සහ ලංකාවෙන් පලා යෑම සඳහා යළිත් තරුණියක සහ ඉලෙයාල් නමැති දැරියක සමග පවුලක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ගමන් බලපත‍්‍ර මගින් යුරෝපයට යන අතර දිළිඳුකම සහ ප‍්‍රංශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර සිදු කෙරෙන පෙදෙසක කුඩා රැකියාවක් කරමින් එකට ජීවත්වන්නට ගන්නා උත්සාහය චිත‍්‍රපටයේ කියැවෙන අතර බියකරු අතීතය, ආදරය ප‍්‍රංශයේ සමාජය තුළ ඔවුන් විඳින හිංසනය ද මැදින් කතාව දිගහැරෙයි.
සෝභාශක්ති
47 හැවිරිදි සෝභාශක්ති ජේසුදාසන් ද එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවෙකු ලෙස ප‍්‍රංශයට ගිය පුද්ගලයෙකි. ප‍්‍රංශයට ගිය මුල් කාලයේ කුඩා රැකියාවක් කරමින් කටුක ජීවිතයක් ගත කිරීමට ඔහුටද සිදුවී ඇත. ඉන් පසුව ලේඛකයෙකු ලෙස කටයුතු කරන ඔහු කෘති ගණනාවක්ම රචනා කොට සම්මානද ලබා තිබේ.
ගරිල්ලා නමැති ඔහුගේ පළමු නවකතාව ළමා සොල්දාදුවෙක් ලෙස ස්වකීය අත්දැකීම් ඇසුරෙන් 2001 දී ලියන ලද නවකතාවක් වන අතර එය ඉංගී‍්‍රසියටද පරිවර්තනය වී තිබේ. ලංකාවේ මාධ්‍ය ඔහුට එල්ටීටීඊ හිතවාදියෙකු ලෙස හංවඩු ගසන්නට උත්සාහ කළ ද තමන් ස්වාධීන කලාකරුවෙකු බව ඔහු සිය ප‍්‍රථම කෘතියෙන් පෙන්වා ඇත. දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අනුකම්පා විරහිත ස්ව්‍යභාවය එම නවකතාවෙන් විවේචනය කර ඇත.
නවක නළුවෙක් වුවද ජේසුදාසන් මීට පෙරද චිත‍්‍රපටියක චරිතයක් රඟපා ඇත. ඒ 2001 දී සෙන්ගාදල් නැමති දෙමළ චිත‍්‍රපටයේය.
ප‍්‍රතිභාසම්පන්න දෙමළ ලේඛකයෙකු වන ජේසුදාසන්ගේ කෘති කිහිපයක් අනුමියා රාමසාමි විසින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර තිබෙන අතර, ජේසුදාසන් කොටියෙකු යැයි මඩගැසීමට වඩා ඉදිරියේ විය යුත්තේ ඔහුට හිමි ගෞරවය ලබාදී ඔහුගේ නිර්මාණ සිංහලටද පරිවර්තනය කිරීමය.
ගෞරවය
ගෞරවය කෙසේ වෙතත් දීපන් චිත‍්‍රපටය සහ ජේසුදාසන්ට ලංකාවේ මාධ්‍යවල මඩප‍්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවිය. එක් පුවත්පතක වෙබ් අඩවියක් ඔහුට සම්මානය ලැබුණු පුවත වාර්තා කර තිබුණේ ළමා කොටියාට ප‍්‍රංශ රන් සම්මාන යනුවෙනි. තවත් ජාතිවාදී පුවත්පතක ජාතිවාදී ලේඛකයෙකු සිය ආරක්ෂක තීරුවෙන් ලංකාවේ ඝාතන සිදුවී නැතැයි ඔප්පු කරන්නට දීපන් චිත‍්‍රපටය යොදා ගන්නට උත්සාහ කර තිබුණි. අනෙක් මාධ්‍යද අඩු වැඩි වශයෙන් සෝභාශක්ති කොටියෙක් යැයි හංවඩු ගසන්නට උත්සාහ කොට තිබුණි.
සෝභාශක්ති එල්ටීටීඊ යෙන් ඉවත් වී වසර විස්සකි. ඔහු එල්ටීටීඊ මතවාදය තවදුරටත් දරන්නේ නැත. ඔහු ශී‍්‍ර ලාංකිකයෙකි. සිනමා ලෝකයේ ලැබිය හැකි ඉහළම ගෞරවයක් ලද ශී‍්‍ර ලාංකිකයෙකි. මෙය තේරුම් ගන්නට නොහැකි සිංහල මාධ්‍යයට ඔහු තවමත් කොටියෙක් වුවද කියුණු තාක්ෂණයක් තිබෙන මෙවන් සමයක ජනමාධ්‍ය නඟන පට්ටපල් බොරු නොතකා සත්‍යය දැකිය හැකි විය යුතුය. සිනමාවෙන් ලංකාව ලබන ගෞරවයද ලංකාවේ ජාතිවාදී වයෝවෘද්ධයන් ලෙස වැඩකරන්නක් වීම කනගාටුදායකය.
ලෝකයේ හොඳම නළ්වා ලෙස ජගත් චමිලට දුන් ගෞරවය කෙසේ වෙතත් ජේසුදාසන්ව ශී‍්‍ර ලාංකිකයෙක් ලෙස පිළිගැනීමටවත් අපට හැකි විය යුතුයි. සම්මාන උලෙළ අවසානයේ මාධ්‍ය හමුවේ ඔහු කීවේ තවදුරටත් අවි අතට ගැනීමට දෙමළ මිනිස්සුන්ට අනවශ්‍ය බවත්, දෙමළ ජනතාවගේ අයිතීන් අවියෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් දිනාගත යුතු බවත්ය. එමෙන්ම ලංකාවේ සිදුව තිබෙන දේශපාලනික වෙනස ද ඔහු සුභවාදීව දකියි. දෙමළ ඩයස්පෝරාව විවේචනය කරමින් ඔහු කීවේ ලංකාවේ දෙමළ ඊළමක් අවශ්‍ය නැති බවය.
කෑන්ස් රතු පලසේ කියැවුණු මේ අදහස් අප සැලකිය යුත්තේ කොටි සෙබළෙකුගේ අදහස් ලෙසය. කෑන්ස් රතු පලස වෙත සංහිඳියාවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ සත්‍යයේ පණිවුඩය ගෙන ගිය ජේසුදාසන් සහ දීපන් අධ්‍යක්ෂක ජැක් ආඩියාඞ් පිළිබඳව ලාංකිකයන්ගේ ගෞරවය හිමිවිය යුතුය.
රාවය