ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී එය වඩා කාර්යක්ෂම අාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ප්‍රතිපත්ති සම්පාදන අාර්ථික කටයුතු යොවුන් ළමා හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

චීනයේ චර්ජියැං ප‍්‍රාන්තයේ රෝහලකදී පුද්ගලයෙකුගේ වකුගඩුවල තැන්පත්ව තිබූ ගල් 420 ක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය දෙකක කාලයක් ගතව තිබෙනවා.

ඊයේ(08) කොළඹ  පැවති රැස්වීමකදී  අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික පැවසුවේ ඔක්තෝබර්  මාසයේදී  මන්නාරම් ප්‍රදේශයේ ගෑස් නිධි ගවේෂණය සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි.

ඊයේ සවස 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් භාර ගැනීම ගැන සතුටු වන බවත් ලබන සිකුරාදා වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන උපදේශන සමාගම ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ ඉරාන  සමාගමන් ඉල්ලුම් කරන පරිදි අරමුදල් ලබා නොදීමට තීරණය කළ බවයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැතැයි අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පෙන්වාදෙයි.

ආසියාවේ රටවල් 19 ක සභාගීත්වයෙන් සිංගප්පුරුවේ පැවැති 11 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී රීදි පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනූ ශ්‍රී ලංකාවට එහි 08 වැනි ස්ථානය හිමිව අැත.

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැබෑ ලෙස ම ජනතා විශ්වාසයන් කඩ කළේ එදා ආණ්ඩුවේ සිටි අද විපක්ෂයේ සිටින පිරිස බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එබැවින් විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ විපක්ෂයට එරෙහිව බවය. ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

බෝදිලිමාගෙන් පටන් අරගෙන වික්ටෝරියා දක්වා සාහිත්‍යයේ ලිංගික දේශපාලන පහුරු ගෑමක නියැලුණු මොහාන් රාජ් මඩවලගේ සාහිත්‍ය කෘති අරඹයා වූ පැතිකඩ තුනකින් කෙරෙන සාකච්ඡා සභාවක් හෙට (10 ) දින පැවැත්වේ. මේ ගැන මොහාන් සමඟ කළ කෙටි කතා බහකි මේ.

Connet With Us