ගැබිණි මව්වරුන්ට හර්ෂගෙන් පෝෂණ මල්ලක් (audio/photos)

Published in පුවත්
Tuesday, 09 June 2015 14:29

ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී එය වඩා කාර්යක්ෂම අාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ප්‍රතිපත්ති සම්පාදන අාර්ථික කටයුතු යොවුන් ළමා හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

දින සියය සහන වැඩසටහන යටතේ ගර්භණී මව්වරුන්ට රු 20,000 ක පෝෂණය ලබා දීමේ වැඩසටහන යටතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැගිරිවත්ත විවේකාරාමයේ අද(09) පැවති උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

කිසිදු භේදයකින් හෝ නිර්ණායකයකින් තොරව පෝෂණ මල්ලේ අවශ්‍යතාවය අැති සෑම මවකට මෙම සහනය ලබා ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉදිරියේදී පෝෂණ මල්ලක් ලබා දීම වෙනුවට මුදල් හුවමාරු ක්‍රමයක් ඔස්සේ අවශ්‍ය දේ ලබා ගැනීමට අවස්ථාව සැලසීම පිළිබදව අවධානය යොමු කර අැති බවත් ඒහිදී මුදල් ලබා දීමෙන් වෙනත් දේ සදහා එය භාවිතා කරනු අැති බවට විවේචන එල්ල වූවත් ගැඹිනි මව්වරුන් කිසිවිටකත් දරුවන්ට හැර වෙනත් දෙයකට ප්‍රමුඛත්වය නොදෙන බවට තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

සෑම පවුලකටම නිවසක් තිබීම වැදගත් බවත් එක් නිවසක් තුළ පවුල් කිහිපයක් වාසය කිරීමට සිදුව තිබීම නිසා පෞද්ගලිකත්වය පිළිබදව ගැටලු අැති වන සදහන් කරමින් අමාත්‍යවරයා පැවසුවේ නිවාස ප්‍රශ්නය විසදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

පවුලක් ලෙස ජීවත් වීමට අාර්ථික පරිසරයක් තිබිය යුතු බවත් වත්මන් අාණ්ඩුව එ් අාර්ථික පරිසරය සකස්කිරීමට උත්සහ කරන බවත් ඉපදීමට සිටින දරුවා ගැන පවා සිතා සේවය සලසන බවත් පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් අමල් එදිරිසූරිය මහතා අැතුළු පිරිසක් සහභාගී වූහ.

සම්පූර්ණ හඩපටයට පහතින් සවන්දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/harsha2015-06-09-104825{/soundcloud}

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 5604

DNP 5609

DNP 5611

DNP 5612

DNP 5614

DNP 5615

DNP 5618

DNP 5619

DNP 5637

DNP 5645 

Last modified on Tuesday, 09 June 2015 14:33

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us