මේ වසරේ මුල් කාලයේදී මන්නාරම ආශ්රිතව තෙල් නිධි ගවේෂණය සිදු කරමින් සිටි ඉන්දීය සමාගම ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහල යාම හේතුවෙන් එය නවතා දමන බව නිවේදනය කර තිබුණි.
මේ වනවිට රටේ විදුලි සැපයුමෙන් සියයට 70ක් දරණු ලබන්නේ තාප විදුලියෙන් වන අතර ජල විදුලියෙන් සැපිරෙන්නේ සියයට 30ක ප්රමාණයකි.
මෙහිදී අදහස් දැක් වූ ඇමතිවරයා පැවසුවේ ඉදිරියේදී ලංකා විදුලි බල මණ්ඩලය සතු ඩීසල් වලින් ක්රියාත්මක තාප විදුලි බලාගාරවල ගෑස් වලින් විදුලිය නිපදවීම සඳහා පියවර ගන්නා බවයි.