අපි මේ පාර දිනන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින්-අකිල(audio)

Published in පුවත්
Tuesday, 09 June 2015 14:27

එජාපය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානෙය් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එජාපය සුළු ජාතික ඡන්ද වලින් මැතිවරණය ජයග්‍රහණය කළ බවට අැතැමුන් චෝදනා කළත් එජාපය යනු ජාතිවාදී පක්ෂයක් නොව හැමදෙනාටම එකවහළක් යටටවී තම අයිතිවාසිකම් දිනාගත හැකි පක්ෂයක් බවත් ඔහු පැවසුවේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපය සිංහල බෞද්ධ ඡන්දවලින් පාර්ලිමේන්තු බහුතරය දිනා පෙන්වන බව අමාත්‍යවරයා සදහන් කළේය.

රාජපක්ෂ අාණ්ඩුව යටතේ ඔ්නෑම දෙයකට යස් සර් කියන්නට සිදුවූ අමාත්‍යවරුන් අද වන විට නෝ සර් කියන්නට කරම් කොන්දක් සහිතව සිටින බවත් වත්මන් අාණ්ඩුව යටතේ ශ්‍රීලනිපයට කොන්දක් අැතිව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් එජාපය විසින් නිර්මාණය කර දුන් බවත් පැවසුවේය.

අද වන විට යන එන මං නැති රාජපක්ෂ මහත්වරුන් පටු දේශපාලන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සදහා පන්සල් යොදා ගැනීම ඔවුන් දකින දවල් හීනයක් බවත් ඒ තත්වය දැඩි ලෙස හෙළා දකින බවත් පැවසුවේය.දූෂණ චෝදනා වලට බියෙන් පසුවන්නන් යළි රාජපක්ෂ පාලනයක් යටතේ වැරදිහංගා ගැනීමට මාන බලන බවත් අවධාරණය කළේය.

වත්මන් අාණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස,ජනතාවාදී පාලනයක් , ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම,බඩු මිල අඩු කිරීම,රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම අාදී සියල්ල ඉටුවූ බවත් ඉදිරියේදී රටේ අාර්ථිකය යහපත් කිරීම උදෙසා ගත යුතු පියවර ගණනාවක් පිළිබදව කටයුතු කරමින් පවතින බවත් එජාපය අාර්ථික දැක්මක් සහිතව විධිමත් වැඩපිළිවෙළක් සහිතව කටයුතු කරන පක්ෂයක් බවත් අවධාරණය කළේය.

එජාපය කිසිවිටකත් අභියෝග වලට බිය නොවන බවත් කරදර භාදක රැසක් මධ්‍යයේ පක්ෂය අාරක්ෂා කරගෙන පැමිණි ගමන ගැන සතුටු වන බවත් පැවසුවේය.

එළඹෙන වර්ෂයේ ශ්‍රීලනිපයේ 60 වන සංවත්සරය යෙදී අැති බැවින් අද වන විට කෑලි වලට කැඩී අැති ශ්‍රීලනිපය ෙමෙත්‍රීපාල සිරිසේන සභාපතිවරයාගේ සභාපතීත්වයට ගරු කර එකමුතුව 60 වන සංවත්සරය සැමරිමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

සම්පූර්ණ හඩපටයට පහතින් සවන්දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/akila2015-06-09-124121{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us