වැටුප් හා සංඛ්‍යාන කොමිෂන් සභාව මගින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් එම යෝජනාවට අනුමැතිය ලැබෙනවා ද නැද්ද යන්න සම්බන්ධව තවමත් ස්ථිරත්වයක් නොමැති බව සඳහන් වේ.
එම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ එම කොමිසම් සභාව මගින් සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව බව වැවිලි කර්මාන්ත අමාත්‍ය පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. දැනටමත් ඒ යෝජනාව භාණ්ඩාගාරයට ඉදිරිපත් වී ඇති බවත් තමා ද පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම පිළිගන්නා බව ඔහු පවසයි.
එසේම මේ සම්බන්ධව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ තමා ද පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩිවිය යුතු බව පිළිගන්නා බවත් එහෙත් ඒ සඳහා තවම සුදුසු තත්ත්වයක් නොමැති බවත්ය.
රිවිර