විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි - රවී(audio)

Published in පුවත්
Tuesday, 09 June 2015 09:51

සැබෑ ලෙස ම ජනතා විශ්වාසයන් කඩ කළේ එදා ආණ්ඩුවේ සිටි අද විපක්ෂයේ සිටින පිරිස බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එබැවින් විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ විපක්ෂයට එරෙහිව බවය. ලොතරැයි අලෙවිකරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

වැඩි දුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා
''විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරල තියෙනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව. ඒකට මන්ත්‍රීවරුන් 114කගේ නම් ඇතුළත් බව තමයි ඔවුන් කියන්නෙ. නමුත් එතැන තියෙන්නෙ නම් 81 කියල තමයි අපට ආරංචි වෙලා තියෙන්නෙ. අපි එයාලට අභියෝග කරනව හැකි නම් ඉදිරිපත් කරන්න කියල ඒ විශ්වාසභංග යෝජනාව.


අපි සුළුතර ආණ්ඩුවක්. නමුත් අවුරුදු 12ක් තිස්සේ බහුතරයක්ල තුනෙන් දෙකක් තිබුණ ආණ්ඩුවකට වඩා වැඩ අපි කරල තියෙනවා. විපක්ෂය හොල්මං වෙලා ඉන්නෙ මේ වැඩවලින්.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පඩි දෙන්න බෑ කිවුවා ම මෛත්‍රීල රනිල් යහපාලන ආණ්ඩුව දින 29කින් පඩි වැඩි කරන්න කටයුතු කළා. ඒකත් සොච්චමකින් නෙවෙයි. රුපියල් දහදාහකින්. ඒකෙන් පන්දාහක් ඒ මාසෙම දෙන්න කටයුතු කළා. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 දක්වා වැඩි කළ නිසා ද මේ විශ්වාසභංගය ගේන්නේ? නැත්තං අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කළ නිසා ද මේ යෝජනාව ගේන්නෙ? ''

මෙසේ කරුණු දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුත්තේ මේ වගේ වැඩ කරන සුළුතර ආණ්ඩුවකට නොව වැඩ නොකළ විපක්ෂයට බවයි.

{soundcloud}https://soundcloud.com/lankadaily/2015-06-08a{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us