අගමැතිට එරෙහි විශ්වාසභංගයට අස්ගිරි නාහිමි අප්‍රසාදය පළ කරයි

Published in පුවත්
Tuesday, 09 June 2015 10:48

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැතැයි අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පෙන්වාදෙයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සහ එයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විමසා බැලීමකින් තොරව අත්සන් තැබීම ගැන කනගාටුවන බව අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පවසයි.

අස්ගිරි නාහිමියන් බැහැදැකීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අස්ගිරි මහා විහාරයට ඊයේ (09) පැමිණි අවස්ථාවේදී ඇති වූ කතාබහ අතර තුර අස්ගිරි නාහිමියන් මේ බව පැවසුවේය.

“ඔළුවක් තියෙනවා නම් ඔහොම කරන්නේ නෑ” යනුවෙන් අවධාරණය කරමින් උන්වහන්සේ පවසා අැත්තේ රජයක් බලයට පත්ව සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට කාලයක් ගතවන නිසා එවන් කාලයක් ලබාදීමටත් කලින් විශ්වාසභංගයක් ගෙන ඒම වැදගත් නොවන බවය.

ඇතැම් මහජන නියෝජිතයන්ගේ කටයුතු නිසා ජනතාව අතර සාමය බිද වැටෙන බවද අස්ගිරි නාහිමියන් පෙන්වාදුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us