News Items (18842)
ඇය විටෙක නිවේදිකාවකි. තවත් විටක නිළියකි. කලාවේ විවිධ ඉසව් ඔස්සේ සිය කුසලතා පළ කළ ඇය ප්‍රේක්ෂක සිත තුළ ගොඩනගනු ලැබුවේ සැහැල්ලු විනෝදකාමී සුන්දර තරුණියගේ භූමිකාවකි. නමුදු කැමරාවෙන් පරිබාහිරව ඇගේ සිතුම් පැතුම් ජීවන තතු ඉන් එහා තැනෙක වෙතැයි කිවහොත් එය නිවැරදිය.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 16 වන දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
හිටපු ජනපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ගෞරවණීය ස්වාමීන් වහන්ස, පළමුව ඔබ වහන්සේ ‘‘වාසි රවුම’’ ගැසීමෙන් වැළකී සිටින්න (audio)
මොහාන් රාජ් මඩවල ගේ ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පිළිබඳ ‘‘ත්‍රිමාණ කියැවීමක්’’ යනුවෙන් නම් කළ කතාබහක් පසුගිය 10 වන දින කොළඹ 07 ක්‍රීඩාගාර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්විණි. එහි දී අදහස් දැක්වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පැවසූ ඇතැම් කරුණු ඉතාමත් සාධනීය වුව ද උන්වහන්සේගේ ඇතැම් අදහස් හුදු අවස්ථාවාදී, වාසි පැත්තට හෝයියා, සහ වළඳන්නට සිතුණ විට කබරගොයි මාශ ද තලගොයි මාංශ යැයි නම් කරන ආකාරයේ අදහස් ගොන්නකි.
බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මෙන් ම නීතියට අනුව ද සොරකම් කිරීම වරදකි. සොරකම් කිරීමට උදව් කිරීම ද වරදකි. සොර බඩු ළඟ තබා ගැනීම ද භාවිතා කිරීම ද වරදකි. එහෙත් මත්පැන් බීම හෝ නිෂ්පාදනය කිරීම හෝ භාවිතය ඍජු වරදක් ලෙස දක්වා නොමැත.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් සිය මෙහෙයුම් සිදු කරන රටවල අසරණභාවයට පත්ව සිටින කාන්තාවන් සමඟ ලිංගික සේවනයේ යෙදෙන බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කරයි.
විසි වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට තවත් විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් හෙට (12) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා අැත.එහිදී 20 වැනි සංශෝධනය පිළිබඳව අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් අද (12 වැනිදා) පෙ.ව. 10.30 ට පැවැත්වේ.
තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය පැවසුවාය.
දෙමළ ඩයස්පෝරා සමුළුවක් පැවැත්වීම නීති විරෝධියි - පාඨලී
ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක් බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.
වෙන්ඩ මස්සිනාට ගුවන් හමුදාපතිකම දෙන්ඩෝ...ව්‍යාපාරිකයෙක් මෛත්‍රී ළඟ වැටේ..
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක මහතා ලබන ජුනි 16 වන දින සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩුවන ගුවන් හමුදාපති තනතුර සඳහා කිහිප දෙනෙකු අතර තරගයක් නිර්මාණය වී තිබේ.
