News Items (18842)
උතුරු මැද පළාත් සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා මීට සුලු මොහොතකට පෙර පොලිස් මුල්‍ය චංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා යළි බලයේ පිහිටුවීමේ දේශපාලන රැළි ගනනනවක්ම මේවන විට පැවැත්වූ නමුදු ඒ එකදු වේදිකාවකට හෝ ඔහු එක් වූයේ නැත. ඊයේ මාතර පැවැති වේදීකාවට ඔහු ගොඩවනු ඇතැයි බලාපොරොත්තුවක් එම පැමිණ සිටි ජනතාව වෙත එම සංවිධායකයන් විසින් පෙර ප්‍රචාරක කටයුතුවලදී දන්වා තිබුණු නමුදු මහින්ද රාජපක්ෂ මහතා අසල ජනතාව අතරට පැමිණ නික්ම ගියේය.
කන් ඇසීමේ දුර්වලතාව හෙවත් (HEARING DISORDERS) රෝගයෙන් පෙළෙන දුදරුවන් සඳහා සිදු කරන සැත්කම ලංකාව තුළ මෙතෙක් සිදු නොවුණි.
ස්වීඩන් රජ කුමරු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සැරසෙයි
ස්විඩන් රජ පවුලේ කාල් පිලිප් කුමරු හිටපු නිරූපිකාවක් සමඟ විවාහ වීමට සූදානම් වේ. 30 වන වියේ පසුවන සොෆියා හෙල්ක්විස්ට් නිරූපිකාවක් සේම රියැලිටි තරුවක්ද වේ.
අටපිරිකර සහ භික්ෂුන් වහන්සේට පූජා කෙරෙන සෙසු පිරිකර ප‍්‍රමිතිගත කිරීමේ අපේක්ෂාවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකුවලින් පාර්ලිමේන්තුවට නොදන්වා ගෙන තිබෙන අධික ණය ප්‍රමාණය නිසා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලුව අනෙකුත් පෞද්ගලික බැංකු පද්ධතියද දැඩි අවධානම් සහගත තත්වයකට පත්ව තිබේ.
ඩයස්පෝරාව අං ඇති යක්ෂයෙක් නොවේ(විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ ප්‍රකාශය)
විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බවත්, රට ඉදිරියට ගෙන යාමට විවිධ ජනවර්ගවලට අයත් ඩයස්පෝරාවේ සියලූ දෙනාට මෙරටට ආරාධනා කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ලෝකය පුරාම වගේම අපේ රටෙත් ඉතා ආදරයෙන් වැළඳගත් ටෙලි කතා මාලාවක් තමයි X-Files. අද්භූත කතා තේමාවන් රැගත් මේ ටෙලි කතා මාලාව නැවතත් නිර්මාණය වෙනවා.
පසුගිය වසර කිහිපය තුළ අවුරුදු 15 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල තරුණ පිරිසට එච්.අයි.වී ඒඞ්ස් ආසාදනය වීමේ ප්‍රවණතාව වර්ධනය වී ඇති බව ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්‍රීත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේය.
2014 වසරේ රූපවාහිනී මාධ්‍ය සහ ටෙලි නාට්‍ය කලාකරුවන් ඇගයීමට ලක්කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල 11වන වරටත් ඊයේ (12) නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණි. එහිදී සම්මානයට පාත්‍රවූ කලාකරුවන් පහත දැක්වේ.
