රාජපක්ෂලාගේ සංවර්ධනය නිසා බැංකු කඩා වැටීමේ අවධානමක Featured

Published in පුවත්
Saturday, 13 June 2015 15:40

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකුවලින් පාර්ලිමේන්තුවට නොදන්වා ගෙන තිබෙන අධික ණය ප්‍රමාණය නිසා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලුව අනෙකුත් පෞද්ගලික බැංකු පද්ධතියද දැඩි අවධානම් සහගත තත්වයකට පත්ව තිබේ.

රාජ්‍යයේ කටයුතු සඳහා රජය හා රාජ්‍ය ආයතන විසින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන විසිලක්ෂයකට ආසන්න වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් ගෙන ඇත්තේ ඉහත සඳහන් කළ රාජ්‍ය බැංකු ත්‍රිත්වයෙනි. එය මිලියන හය ලක්ෂයක් පමණ වෙයි.

ඒ අතර මිලියන ලක්ෂයක් පමණම ණය ගැනීම සිදු කර ඇත්තේ මාර්ග සංවර්ධනය අධිකාරිය විසින්ය. නමුත් මේ කිසිදු ණය ගැනීමක් පාර්ලිමේන්තු අය වැය වාර්තාවේද පෙන්වා නොමැත. එනම් පාර්ලිමේන්තුවට නොදන්වා මේ ණය ගැණීම සිදුකර ඇත. මෙම බැංකුවල තැන්පත්ව ඇත්තේ මෙරට මහජනතාවගේ ඉතිරි කිරීම්ය. එය රාජය විසින් හෝ ලබා ගන්නේ නම් ඒ ගැන වගවීමක් රජයට තිබිය යුතු නමුත් පසුගිය ආණ්ඩුව ඒ නොතකා හිතු මනාපෙට කටයුතු කර ඇති බව මෙයින් පැහැදිලිවේ. මාර්ග සංවර්ධනය දඩමීමා කරගෙන අධික කොමිස් ගනුදෙනුවලින් රාජපක්ෂ පවුල සංවර්ධනය වූ බවටද බරපතල චෝදනා එල්ල වී තිබියදී මේ තත්වය වඩා බරපතල කරුණකි.

එහෙත් මෙම මුදල් නැවත අය කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් බැංකු සතුව නැති බවද හෙළිව තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී අශෝක් අභයසිංහ මහතාගේ විමසීමකට පිළිතුරු ලෙසින්ආර්ථික නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා පසුගියදා(09) පාර්ලිමේන්තුව හමුවේ පැවැසූවේ වත්මන් රජය මෙම බලපත්‍රලාභී බැංකු 33කින් සමන්විත බැංකු පද්ධතිය සු‍රැකීම සඳහා ඉදිරියේදී වැඩ පිළිවෙලක් සකස් කරන බවත් වගකිවයුතු රජයක් වශයෙන් බැංකු පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බවත්ය.

ඒ කෙසේ නමුත් මේ වන විට භාණ්ඩාගාරය හිස්ව පවතින බව පසුගියදා මහ බැංකු අධිපතිවරයා විසින් පැවැසූ අතර පසුගිය රාජපක්ෂ රජය විසින් මිළදී ගෙන තිබෙන බිලියන් 500ක පමණ භාණ්ඩාගාර බැඳුම් කර සඳහා ආපසු ගෙවීමට එවක රජය කිසිදු ක්‍රමවේදයක් හෝ සකස් කර නොතිබුණු බවද ඔහු පැවැසීය. මේ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් රජයට දැඩි පරිශ්‍රමයක යෙදීමට සිදුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

gov-bank-loan

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us