විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ දෙමළ ඩයස්පෝරාව යනු ‘අං ඇති යක්ෂයෙකු’’ නොවන බවයි.
නොබිඳුනු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ රට සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ට ආරාධනා කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මේ අතර මානව අයිතිවාසිකම් උල්ලංගණය කිරීම සහ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට දේශිය යාන්ත්‍රණයක් ඇතිකරන බවට ලබාදුන් පොරොන්දුව දැන් ක්‍රියාත්මක බව ද ඒ මහතා මෙහිදී කියා සිටියේය.
විදේශ ඇමතිවරයා එම ප්‍රකාශය කලේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා කල වාචික ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.