News Items (18842)
බලපත්‍ර නීති උල්ලංඝණය කිරීම නිසා වයඹ ඩිස්‌ටිලරීස් සමාගම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ රුපියල් කෝටි දෙකකට අධික දඩ මුදල එම සමාගම විසින් 12 වැනිදා ගෙවා ඇත.
අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ ජනපති හෑල්ලු කර එජාපය දිනවීමයි - එස්. බී. නාවින්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කරමින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්‌කර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කොට ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජය තහවුරු කිරීම අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා ඊයේ (16දා) පැවසීය.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු පිළිබඳ මහජනතාව නොමඟ යවන ආකාරයෙන් සිතා මතා සිදුකරනු ලබන ප්‍රකාශ හා ඒ අනුව පළ වන විවිධ මාධ්‍ය වාර්තා පිළිබඳ මෙම කාර්යාලයේ අවධානය යොමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි බලවත් බාධකයක්ව පැවැති 20 වන සංශෝධය නොසලකා හැර පාර්ලිමේන්තුව ඉදිරි දින කිහිපයේදී විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි. 20 වන සංශෝධයය සම්මත කිරීම සඳහා ශ්‍රීලනීපයේ රාජපක්ෂවාදී කොටස් දිගින් දිගටම බාධා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කරමින් තිබේ.
ඡායාරූප : තරිඳු දසුන් නුරංග
මහින්දට අගමැති අපේක්ෂකකම ලැබුණයි කියන ප්‍රචාරය කෙබරයක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.
ගැහැණු ළමුන් මිලියන 62 ට අධ්‍යාපනය අහිමියි - මිචෙල් ඔබාමා
මිලියන 62ක් පමණ ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිවී ඇති බව මිචෙල් ඔබාමා පවසයි. ඇය මේ බව පැවසුවේ බ්‍රිතාන්‍යයේ සංචාරයක් අතරතුර ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් යොමුකරමිණි.
එජාපය හැමදාමත් කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම-දයාසිරි(audio/photos)
දුප්පතා ගැන කැක්කුමක් නැති එජාපය හැමදාමත් සිදු කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.
ඉදිරි කාලය තුළ ලේ වලට වඩා වටිනාකමක් ජලයට ලැබෙනු ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජලය සනීපාරක්ෂාව හා ස්වස්ථාව පිළිබඳ දැනුම බෙදාහැරීම වෙනුවෙන් අද(16) අධ්‍යාපන අමාත්‍යංශයේදී සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.
ලෝකයේ මෙතෙක් නොකළ ආකාරයේ අලුත් වැඩක් කරන්න ප්‍රකට නිල් චිත්‍රපට වෙබ් අඩවියක් වන PornHub ලෑස්ති වෙනවා. අභ්‍යවකාශයේදී නිල් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔවුන් සැරසෙනවා.
