ගැහැණු ළමුන් මිලියන 62 ට අධ්‍යාපනය අහිමියි - මිචෙල් ඔබාමා

Published in විදෙස්
Tuesday, 16 June 2015 16:40

මිලියන 62ක් පමණ ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිවී ඇති  බව මිචෙල් ඔබාමා පවසයි. ඇය මේ බව පැවසුවේ බ්‍රිතාන්‍යයේ සංචාරයක් අතරතුර ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් යොමුකරමිණි.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ වන මිචෙල් ඔබාමා දින දෙකක සංචාරයක් සඳහා එංගලන්තයට ගොස් තිබේ. මෙම සංචාරයේ අරමුණ වන්නේ  ලෝකයේ විවිධ රටවල් වල ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මිචෙල් ඔබාමා ගන යන වැඩපිළිවෙලේ අංගයක් ලෙස එංගලන්තයේ ගම්බද පාසල්වල සංචාරය කිරීමයි.

මිචෙල් ඔබාමා සමඟ ඇගේ  දූවරුන් දෙදෙනා සහ මවද  එංගලන්තයට පැමිණ තිබේ.  මෙම සංචාරයේදී මිචෙල් ඔබාම හැරී කුමරු සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට නියමිතයි.

ගැහැණු ළමුන්ගේ සෞඛ්‍ය, ආර්ථික පදනම සහ ස්වාධීනත්වය ඉහළ  නැංවීමට කටයුතු කිරීම මිචෙල් ඔබාමාගේ අරමුණයි. සෑම ගැහැණු දරුවෙකුම ලෝකයේ කොතැනක ජීවත් වුවත් ඇගේ සිතේ පවතින  අපේක්ෂා වැඩි දියුණු කර ගැනීමට අයිතිය ඇති බව මිචෙල් ඔබාමා පවසයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us