සංක්‍රමණික ගැටලුව ගැන යුරෝපා සංගම් අභ්‍යන්තර ඇමතිවරු අතර සාකච්ඡා

Published in විදෙස්
Tuesday, 16 June 2015 10:07

යුරෝපා සංගමයේ අභ්‍යන්තර  කටයුතු ඇමතිවරුන්ගේ එකතුවෙන් මධ්‍යධරණි හරහා යුරෝපයට පැමිණීමට උත්සහ කරන සංක්‍රමණිකයන්ගේ ගැටළුව  පිළිබඳ සාකච්ඡා අරඹා ඇත.

ලක්සම්බර්ග් නුවර රැස්වූ මේ ඇමතිවරුන්ගේ මූලික අවධානය යොමුව ඇත්තේ  යුරෝපයේ රටවල් 28 ට ම සමාන ලෙස සංක්‍රණිකයන් පැමිණීම වැලැක්වීම සඳහා ආරක්ෂාව තහවුරු කිරීමයි.නමුත් මෙවැනි වැඩපිළිවෙලක්  ඉතාලිය, ග්‍රීසිය හා මෝල්ටාව වැනි රටවල්වලට අධික බරක් බව එම රටවල නායකයන් පවසයි.

එසේම සමහර යුරෝපා රටවල් එසේ පැමිණෙන සංක්‍රමණිකයන් ඔවුන් ජීවත්වීමට අකමැති රටවල් වෙත යාමට බලකිරීම වැරදි බවට  මතයක් පළ කර තිබේ.  

මේ වසර තුල පමණක් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ ගත් සංක්‍රමණිකයින් 1800ක් පමණ මිය ගොස් ඇත. මෙය 2014 වසරේ මේ කාලය වනවිට සිදු වූ අනතුරුවලට වඩා  20 ගුණයක වැඩි වීමකි.

මේ අතර ඉතාලිය සහ ග්‍රීසිය මේවසරේ පමණක් තම රටවලට  10000ක සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ ඇති බැවින් වෙනත් යුරෝපා රටවල් ඉන් කොටසක් බාරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

eu migrant

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us