News Items (18842)
ශ්‍රී ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම මහමැතිවරණයක් කැඳවීමට උත්සාහ කරන බවට රාජපක්ෂවාදීන් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරයි.
ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අද(16) උදෑසන අභාවප්‍රාප්ත වි තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ලැබෙන මුදල් නිසි අයුරින් පාලනය නොකරන නිලධාරීන් ඒ සම්පත් භුක්ති විඳින බවත්, ක්‍රීඩා සංගම්වල වැඩ කටයුතු හරියාකාරව සිදුකෙරෙන්නේ නම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බවත් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙනවා - අගමැති
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(15) සවස අරලිය ගහමැදුරේදි පැවැත්විනි. වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර මෙහිදී මාධ්‍ය සංගමය විසින් ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන බව අගමැතිවරයා පොරොන්දු වූ අතර ඇතැම් කාරණාවන් සඳහා විසදුම් යෝජනා කරන ලෙස සංගමය වෙත දැන්වීය.
'මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි'යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිවයින පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක දැක්වේ.
මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආරක්ෂක නිවාස, හමුදා නිලධාරීන්, ඔවුන්ගේ මෙහෙයුම් හා එම මෙහෙයුම සඳහා භාවිත කළ යුද උපකරණ පිළිබඳ නිල රහස් හෙළි කිරීම ඇතුළු අධි චෝනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කුලසිරි උඩුගම්පළ මහතා ඊයේ (15) ප්‍රථමවරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.
තාක්ෂණික උපකරණ බාවිතය දිනෙන් දින වැඩි වෙනවා. ඉස්සර කුරුම්බැට්ටි මැෂින්වලින්, උණ බට තුවක්කු වලින් සෙල්ලම් කරපු ළමයි වෙනුවට දැන් ඉන්නෙ ස්මාර්ට් පොන් වලින් අයිපෑඩ් වලින් සෙල්ලම් කරන ළමයි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධූරය යළි ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’-සංවාදශීලී සම්මන්ත්‍රණය ජුනි 21
‘මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම’ යන මැයෙන් සංවාදශීලී සම්මන්ත‍්‍රණයක් 2015 ජුනි 21දා, ඉරිදා, ප.ව. 2.30ට මතුගම ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
මහ මැතිවරණයෙන් පසුව සුළුතරයෙන් කරන දේ බහුතරයෙන් කරන්න පුළුවන්-රවී(photos)
පැවැති පාලනයට වසර 12ක් තිස්සේ ඉටු කිරීමට නොහැකි වූ දෙය යහපාලන ආණ්ඩුව පත්වී කෙටි කලකින් ඉටු කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. සුළුතර බලයකින් ඉටු කරමින් සිටින ජනතා මෙහෙවර ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිතව ඉටු කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
