ක්‍රීඩා සංගම්වලින් පෝෂණය වෙන්නේ නිළධාරීන් - නවීන්

Published in ක්‍රීඩා
Tuesday, 16 June 2015 07:46

ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ලැබෙන මුදල් නිසි අයුරින් පාලනය නොකරන නිලධාරීන් ඒ සම්පත් භුක්ති විඳින බවත්, ක්‍රීඩා සංගම්වල වැඩ කටයුතු හරියාකාරව සිදුකෙරෙන්නේ නම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බවත් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

'ක්‍රීඩා සංගම්වලට නිදහස ලබාදෙන්න කියා ජාත්‍යන්තරයේ ඉල්ලීමක් තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මම කැමැතියි එම සංගම්වලට පූර්ණ නිදහස ලබාදෙන්න.

නමුත් ඔවුන් විධිමත් ලෙස කටයුතු කරන්නේනම් පමණයි. මේ සංගම්වල මුදල් ගනුදෙනු නිසි අයුරින් කෙරෙන්නේ නෑ. ක්‍රීඩාවට ආදරය කරනවානම් මේ නිලධාරීන් අවංක විය යුතුයි.' ඇමැතිවරයා පැවැසීය. ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා මේ බව සඳහන් කළේ මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවනාගාරයේ පසුගියදා පැවැති ජාතික කරාතේ ‍දෝ උත්සවයට සහභාගි වෙමිනි. 'ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ගේ ඡන්දයෙන් පත්වුණු ක්‍රීඩා සංගම්වලට වැඩි වාසියක් තිබෙන බව අප කවුරුත් දන්නවා.

ඒ වගේම ක්‍රීඩා ඇමැතිවරයා ‍හැටියට අතුරු කමිටු පත්කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක් ‍වශයෙන් මම විරුද්ධයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස වැඩි අත්දැකීම් ඇති පුද්ගලයන් මේ සංගම්වල තනතුරුවලට පත්වෙන්නේ නම් මම කැමැතියි. මේවා කාගෙවත් බූදලයක් නෙවේ.' ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වැනි ක්‍රීඩාංගණවලින් උපරිම ප්‍රයෝජනය ගෙන ජාත්‍යන්තර තලයට යා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමට කටයුතු කළ යුතු බව ද ඇමැතිවරයා මෙහි දී ‍පෙන්වා දුන්නේය.

 

dinamina

Last modified on Tuesday, 16 June 2015 08:41

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us