වයඹ රග්බි පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ගොනුකළ පෙත්සමක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අදාළ නියෝගය නිකුත් කළේය.
ලබන ජූලි මස 08 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එදින ඉදිරිපත් කරන ලෙස දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට නියම කළේය.
වයඹ රග්බි සංගමයේ සභාපති නිශාන්ත කපිල ඩයස් මහතා ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය, එහි සභාපති අසංක සෙනෙවිරත්න ඇතුළු නිලධාරී මණ්ඩලය නම් කර ඇත.
අද