ක්‍රීඩා සංගම් 18 වෙනුවෙන් ප්‍රධාන විධායක තනතුරු

Published in ක්‍රීඩා
Wednesday, 10 June 2015 09:41

ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නිලවරණ පැවැත්වීමට නියමිත ජාතික ක්‍රීඩා සංගම් 18 සඳහා ප්‍රධාන විධායක නිලධාරියා බැගින් පත්කිරීමට අදාළ ක්‍රීඩා සංගම් සියල්ලේ නිසි බලධාරියා ලෙසින් කටයුතු කරනු ලබන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ඊයේ කටයුතු යොදා තිබේ.

නිසි බලධාරියාගේ කටයුතු සඳහා සහයවීම මෙම ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වගකීම වන අතර ඒ යටතේ අදාළ ක්‍රීඩාවල මුල්‍ය පරිපාලන කටයුතු සහ ජාත්‍යන්තර තරගාවලි සඳහා කණ්‌ඩායම් ඉදිරිපත් කිරීම ආදී අත්‍යවශ්‍ය කටයුතු පමණක්‌ මෙම ප්‍රධාන විධායක නිලධාරීන් වෙත පැවරේ.

ඒ හැරුණු විට, නිලවරණ පැවැත්විමද ඇතුළුව එම ජාතික සංගම්වල වෙනත් කිසිදු කටයුත්තක්‌ සඳහා මැදිහත් නොවන ලෙස නිසිබලධාරියා විසින් ඔවුන්ව දැනුවත් කර ඇතැයි පැවසේ.

මේ වන විට ප්‍රසිද්ධියට පත්කර ඇති අයුරින් ජුලි මස 27, 28, 29 සහ 30 යන දිනවල මෙම නිලවරණ පැවැත්වීමට නියමිතව තිබේ. මෙවර ක්‍රියාත්මක කළ වසර 4 නීතිය පැනවීමට විරුද්ධව ඉකුත් සමයේ ක්‍රීඩා අමාත්‍යංශය සමග නඩු මගට පිවිසි රග්බි සංගමය ඇතුළු තම ස්‌ථාවරයේ දිගින් දිගටම රැඳුණු සංගම් සියල්ල මේ වන විට අදාළ නිලවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය වූ සියලු දත්ත සපයා ඇතැයිද ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියකු පැවසීය.

ඒ ඒ සංගම් වලින් ජන්ද හිමි නාම ලේඛන ලබාදීමෙන් අනතුරුව, එම නාම ලේඛන සම්බන්ධ විරෝධතා හෝ අභියාචනා භාරගැනීම, අදාළ විරෝධතා විභාග කිරීම, ජන්ද හිමි අවසන් නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීම, තනතුරු සඳහා නාම යෝජනා භාරගැනීම, නාම යෝජනා විවෘත කිරීම, නාම යෝජනා සඳහා විරෝධතා භාරගැනීම ආදි සියලු කටයුතු සඳහා වන දින වකවානු පසුගියදා ප්‍රකාශ කිරීමට යෙදිණි.

මෙම නිලවරණ පැවැත්වීමේදී අදාළ ක්‍රීඩා සංගම්වල ව්‍යවස්‌ථා මතම පමණක්‌ පිහිටා කටයුතු නොකෙරෙනු ඇති අතර සමහරක්‌ කාරණා ක්‍රීඩා පනත, අනෙකුත් සංශෝධිත පනත් සහ ප්‍රතිශෝධන ආදියට අනුගතවන ලෙසින් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වේ.


divaina

 

Last modified on Wednesday, 10 June 2015 09:43

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us