News Items (18842)
ග්ලයිෆෝසෙට් සහිත කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ භාවිත කිරීම තහනම් කරන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර අැත.
පැල්පත්වාසීන්ට නිවාස දීමේදී මුදල් අය කිරීම අත්හිටවූවා-හර්ෂ
කොළඹ පැල්පත්වාසීන් වෙනත් නිවාසවල පදිංචි කරවීමේදී රුපියල් 50,000ක මුදලක් අය කිරීමේ ක්‍රමවේදය ද වහාම අත්හිටවූ බව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව මේ වනවිට "මළ ගෙයක්" වී ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(12) පැවසීය.
දවසින් දවස ලෝකය අලුත් ග්‍රහ ලෝක හඳුනා ගන්නවා. ඒත් ඉතින් ඒවගේ හඳුනාගැනීම් කරන්නෙ තාරක විද්‍යාව, අභ්‍යවකාශ තාක්ෂණය ගැන දැනුමක් සහිත පුද්ගලයන් විසින්.
ලක්‍ෂ 3 ක කප්පමක් අරගෙනත් 'ටෙලිය' පෙන්නුවේ නෑ-සමන් වීරසිරි
ජනප්‍රිය චිත්‍ර ශිල්පීන් වන සුමතිපාල ජෝතිපාල විසින් මීට කලකට පෙර දිවයින පත්‍රයේ කොටස් වශයෙන් පළ කරනු ලැබූ "වැලිමංකඩ" කතාව ටෙලි වෘතාන්තය වශයෙන් කථා රූගත කර එය රූපවාහිනියේ විකාශනය කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ තුනක කප්පම් ගෙවා රූපවාහිනියේ එවකට සිටි කප්පම් කල්ලියට බාරදුන් නමුත් මේ වන තෙක් එය විකාශනය නොකළ බව බියගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ටෙලිනාට්‍ය ශිල්පී සමන් වීරසිරි මහතා පවසයි.
ඇමරිකාවේ සේවක කළමනාකරණ ආයතනට දෙවැනි වතාවටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ. පසුගිය සතියේ ඇමරිකාවේ රජයේ නිලධාරීන්ගේ දත්ත වෙත හොරෙන් ඇතුළු වී ඇතැයි වාර්තා විය.
තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාගය ලබන 24 වැනි දින දක්වා කල් දමා තිබේ.
ප්‍රවීණ සංගීතවේදියෙකු වූ නොයෙල් රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඊයේ (12) මහින්ද සමඟ නැගිටින රැළිය පැවැති මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අතුරු සිදු නැතිව පුරවා ගැනීමට රාජපක්ෂවාදීන්ට හැකිවිය. තමන්ගේ උපරීම හැකියාව යොදවා එලෙස එක්කර ගත් ජනගහනය දසදහසකට ආසන්න විය.
ශ්රීලනීපයේ සියලුම මන්ත්‍රීවරුන් මෛත්‍රීගෙන් නාමයෝජනා ඉල්ලලා
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට ඉල්ලුම් කර ඇතැයිද නාමල් රාජපක්‍ෂ මහතා ද නාමයෝජනා ඉල්ලා ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
