පැල්පත්වාසීන්ට නිවාස දීමේදී මුදල් අය කිරීම අත්හිටවූවා-හර්ෂ

Published in පුවත්
Saturday, 13 June 2015 10:29

කොළඹ පැල්පත්වාසීන් වෙනත් නිවාසවල පදිංචි කරවීමේදී රුපියල් 50,000ක මුදලක් අය කිරීමේ ක්‍රමවේදය ද වහාම අත්හිටවූ බව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පැල්පත් හිමියන්ගේ ඉඩම් අත්පත් කර ගැනීමේ පසුගිය රජයේ ප්‍රතිපත්ති වහාම අහෝසි කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කිරීමෙන් පසු ඒ පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවකට ඊයේ (12) එක්වෙමිනි.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ රාජගිරිය,වේළුපිල්ලවත්ත ප්‍රදේශයේදිය.

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු යැයි පවසමින් ජනතාව සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ නිවැසියන් ඉවත් කිරීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියට පසුගිය දා නියෝග කළේය. ඉඩම් අත්පත් කර ගැනීමට අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී අදාළ ප්‍රදේශවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම සිවිල් සමාජයේ ද සහභාගීත්වය ඇතිව විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධරණය කර තිබුණි.

අගමැතිගෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිට නියෝගයක්

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us