පාර්ලිමේන්තුව දැන් මළ ගෙයක්‌ -අනුර

Published in පුවත්
Saturday, 13 June 2015 10:19

පාර්ලිමේන්තුව මේ වනවිට "මළ ගෙයක්‌" වී ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(12) පැවසීය.

පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන්නේ ශෝක යෝජනා විවාද පමණක්‌ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුව ඊයේත් රැස්‌ වුණා. පාර්ලිමේන්තුව කටයුතුවල තිබුණේ ශෝක යෝජනා. පාර්ලිමේන්තුව අදත් රැස්‌ වුණා. අදත් සාකච්ඡාවට ගත්තේ මන්ත්‍රීවරුන්ගේ ශෝක යෝජනා. පාර්ලිමේන්තුව හෙටත් රැස්‌වෙනවා. හෙටත් තියෙන්නේ ශෝක යෝජනා. මේ විදිහට ගියාම පාර්ලිමේන්තුව වහන්න වෙනවා. ඒකට හේතුව තමයි ශෝක යෝජනා ගේන්න මන්ත්‍රීවරු මැරෙන්න ඕනා. එසේ නොවී ශෝක යෝජනා ගේන්න බැහැ." යෑයි ද කී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව මේ වන විට මළ ගෙයක්‌ වී ඇති බවද පැවැසීය.

සාකච්ඡා කළ යුතු වැදගත් දේ තිබියදී ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඉඩක්‌ නොමැති වීම කනගාටුවක්‌ යෑයිද දිසානායක මහතා කීවේය.

දිවයින

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us