එම මුදල් ලබාගත් නිලධාරියාට තමා බැන වැදීම නිසා සහ තමාගේ ගිණුමට රුපියල් පනස් දාහක මුදලක් බැර කළ නමුත් ඉතිරි මුදල් ලක්ෂ 2 1/2 මේ වන තුරුත් ලබා නොදුන් බවද පැවසීය.
මේ හේතුව නිසා තමාට රුපියල් කෝටි ගණනක මුදලක් පාඩු වී තිබෙන බවත් තමාට අත් වූ මෙම අසාධාරණය පිළිබඳ සඳහන් කරන්නට අද හෙටම නීතිය හමුවට යන බවද සමන් වීරසිරි මහතා පවසයි.
පසුගිය සමයේ රූපවාහිනී සංස්ථාව හරහා නාට්‍ය විකාශ්‍ය කිරීමට මූල්‍ය අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් ලබාගත් බවටද චෝදනා එල්ලවී ඇති අතර ඊට හිටපු අමාත්‍යවරයකුද මැදිහත්ව සිටි බවට චෝදනා එල්ලවේ.