News Items (18842)
රජය සතු සියලුම හීලෑ අලි ඇතුන් රජමහා විහාරවලට හා පරම්පරාගත හීලෑ අලි හිමියන්ට හෝ කිසියම් පුද්ගලයකුට ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන බව සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
වසර 2001දී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබූ බාමියන් බුද්ධ ප්‍රතිමා පසුගියදා නැවත 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය උනා
225 මන්ත්‍රීන් ගණන 237 කරන්න කැබිනට් අනුමැතිය - 20 අද ගැසට් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සැදුම්ලත් නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද(12) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මත්පැන් බීමත් කලාවක්. මත්පැන් පානය දුක මඟහරින්න, විනෝදය ලැබීමට, අලුත් යහළුවන් ඇති කරගැනීමට, සංවාදයේ යෙදීමට හොඳ පිටුබලයක් සපයන දෙයක්.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුමන් සමාගමට අයත් මඟී ගුවන් යානයක් අද (12)පෙරවරුවේ හදිසියේ ගොඩ බස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද්ධය නිසා සිය දෑත් අහිමිවූවන්ට කෘතීම අත් ලබා දීමක් අද(12) යාපනය නගරයේදී සිදු කෙරුණි. මෙය සිදු කරනු ලැබුවේ රොටරි සංවිධානය විසිනි.
එක්නැළිගොඩ අතුරුදහන් වීම ගැන ලක්ෂ්මන් යාපා දන්නවා - සඳරුවන් සේනාධීර (audio)
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමෙන් පසු දින දෙක තුළ ඔහු එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැනුම්වත්ව රඳවා සිටි බවත්, ඒ පිළිබඳ තොරතුරු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන දන්නා බවත් මේ වන විට ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව සිටින ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පවසයි.
කැස්බෑවේ මෝටර් රථය පිළිබද පරීක්ෂණ ප්‍රමාදයි - අජිත් පෙරේරා
ඇතැම් රාජ්‍ය ආයතන වල ක්‍රියාකලාපය නිසා වංචා දූෂණ සිදු කළ පුද්ගලයින් තවමත් නිදැල්ලේ පසුවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අද දින උදැසන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවට පැමිණි රාජපක්ෂ පවුලේ සමීපතමයකු හා ශ්‍රීලනිප ඇමතිවරයකු කළ යෝජනාව සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තාවේ.
