බන්දුලගේ කොම්පියුටර් ගැහිල්ල අකිල හෙළි කරයි

Published in පුවත්
Friday, 12 June 2015 11:30

ඊයේ(11) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පසුගිය පාලන සාමය තුල අධ්‍යාපන අමාත්‍යංශය  සඳහා  පරිගණක 60000ක් මිලදී ගැනීමේදී  සිදු වූ වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීමට නියමිත බවයි.

මෙම පරිගණක පාසල් විද්‍යාගාර සඳහා ලබාදීමට මිලදී ගෙන තිබුණි. අධ්‍යාපන ඇමතිවරයා පවසන පරිදි මෙම එක් පරිගණකයක්  රුපියල් 40,000 සහ 50,000 අතර මිලකට ලබා ගැනීමේ හැකියාව තිබියදීත් රුපියල් 110,000ක් වැනි මුදලක් එක්  පරිගණකයක් වෙනුවෙන්  වැය කර ඇත.

එක් පාසලක් සඳහා පරිගණක 60 බැගින් ලබා දී ඇති බව පැවසේ. වෙළඳපොලේ අඩු මිලට පරිගණක මිලදී ගැනීමේ හැකියාව  තිබියදීත් ඉතා වැඩි මිලට පරිගණක මිලදී ගැනීම ගැටළුවක් බව ඇමතිවරයාගේ  අදහසයි. ඔහු  පැවසූ  පරිදි මෙම වැඩිපුර මුදල් කාගේ සාක්කුවට ගියේදැයි සෙවීමට පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතයි.

එසේම තාක්ෂණික විෂය ඉගැන්වීමට සුදුසු ගුරුවරු බඳවා ගැනීමටත් පෙර පාසල් වෙත පරිගණක ලබාදී ඇති අතර මේ හේතුව නිසා මෙම බොහෝ පාසල්වල වෙනත් විෂයන් උගන්වන ගුරුවරු තාක්ෂණික විෂය ඉගැන්වීම සඳහා යොදවා ඇතැයි ඇමතිවරයා පවසයි. මේ වරද නිවැරදි කරගැනීම සඳහා තාක්ෂණික ගුරුවරු බඳවා ගැනීමට පියවර ගනිමින් සිටින   බව ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අකිල විරාජ් කාරියවසම් මේ පිළිබඳ පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක රජයේ පාසල්වල තාක්ෂණික ගුරු හිඟය පිළිබඳ නැගූ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

Last modified on Friday, 12 June 2015 11:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us