20 අපැහැදිලියි-සම්බන්ධන්

Published in පුවත්
Friday, 12 June 2015 11:22

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළ කරයි.

සිදු කිරීමට යන මැතිවරණ සංශෝධන පිළිබඳව බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ‘විසි වෙනි සංශෝධනයට ඇතුළත් කරුණු මොනවාද යන්න ගැන තවමත් පැහැදිලි කිරීමක් නොමැති’ බවයි පෙන්වා දුන්නේය.

කෙසේ වුවද, යුද්ධය නිසා යාපනයේ ජන සංඛ්‍යාවේ අඩුවක් සිදු වී ඇති හෙයින් මැතිවරණ ක්‍රමයේ සිදු කෙරෙන සංශෝධනයක් දෙමළ මහජන නියෝජනයට බලපාන බව දෙමළ ජාතික සන්ධානයේ නායකයා ප්‍රකාශ කළේය.

යාපනයේ අවතැන් ජනතාවට සිය ඉඩම් වල යළි පදිංචි වීමට තවමත් නොහැකි වී ඇති අතර එම ප්‍රශ්න විසඳෙන තෙක් පැරණි නියෝජනය දෙමළ ජනතාවට වැදගත් වන බවත් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රී පදවි සංඛ්‍යාව
නව නියෝජන ක්‍රමය තුළ මන්ත්‍රී පදවි 255 ක් නිර්මාණය කරන බවක් කලින් ප්‍රකාශ කළත් යළි එම මන්ත්‍රී පදවි සංඛ්‍යාව 225 ක් බවට පත් කරමින් කැබිනට් මණ්ඩලය විසින් සම්මත කරන යෝජනාව දෙමළ මහජන නියෝජනයට පමණක් නොව සුළු දේශපාලන පක්ෂ සියල්ලටම අහිතකර මට්ටමින් බලපාන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පෙන්වා දුන්නේය.

මෙම තත්වය යටතේ විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය තීන්දු කරනු ලබන්නේ ඊට ඇතුළත් කෙරෙන යෝජනා ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව බවත් එහි නායකයා කියා සිටියේය.

විසි වෙනි සංශෝධනයට ඇතුළත් කරනු ලබන යෝජනා මොනවාද යන්න ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රටට දැනුම් දිය යුතු යයි කියා සිටි ඔහු දෙමළ ජාතික සන්ධානය අදාළ සියලු සාකච්ඡා සමුළු ආදියට සහභාගී වෙමින් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවත් අවධාරණය කළේය.

බීබීසී සංදේශය

 

Last modified on Friday, 12 June 2015 11:38

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us