ජනපති මෛත්‍රී ජනවරමට පයින් ගසා කටයුතු කරනවා-ජවිපෙ

Published in පුවත්
Friday, 12 June 2015 11:13

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ගේ බලය රැකගැනීම සඳහා ජනවරමට පයින් ගසා හිටපු ජනාධිපතිවරයාගේම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ බලය වැඩි කරගැනීම නිසා අසීමිත ලෙස මහජන නියෝජිතයන්ට ඇමතිකම් සහ නියෝජ්‍ය ඇමතිකම් ලබාදුන් බවත්, මීට අමතරව තමන් වටේ සිටි පිරිසට උපදේශක, සම්බන්ධීකරණ නිලධාරී ආදී තනතුරු ලබාදෙමින් තුනෙන් දෙකේ බලයක් ඇති කරමින් ඒකාධිපති පාලනයකට රට ගමන් කරවූ බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට රටේ ජනතාව කටයුතු කළද, අලුතින් බලයට පත්වූ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පිරිස්වලට අසීමිතව ලබාදුන් වරදාන වරප්‍රසාද වැඩපිළිවෙළ පරාජයට පත් කිරීමට කටයුතු නොකළ බවද පවසා සිටියේය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද තමන්ගේ බලය වැඩි කරගැනීම සඳහා මේ වනවිට මන්ත්‍රීවරුන් 80කට අධික පිරිසකට කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය වශයෙන් ඇමතිකම් ලබා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

සැප්තැම්බර් මාසයේදී අලුත් ආණ්ඩුවක් පත්වන බව රට හමුවේ පවසමින් මේ ආකාරයට මන්ත්‍රීවරුන් සතුටු කිරීමට වරදාන වරප්‍රසාද ලබාදෙන්නේ කුමකටද යන්න වහාම රටට හෙළිකළ යුතු බවත්, දින සියයකින් වර්තමාන ආණ්ඩුව් නිල කාලය අවසන් කරන බව සඳහන් කළද පෙරේදා (10දා) දිනයේත් නියෝජ්‍ය අමාත්‍ය ධුර හතරක් ලබාදුන් බව ඔහු පවසා සිටියේය.

ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමට නොහැකි වී අැති බවත්,ස්වාධීන කාමිෂන් සභා පත් කර නැති බවත් අවධාරණය කරමින් ඔහු පැවසුවේ මහින්ද යටතේ රට කාපු පුද්ගලයින්ට නැවතත් අැමති ධූර ලබා දීම පිළිනොගන්නා බවයි.

මෙවන් හේතු කාරණා මූලිකව ජන වරමට ගරු කරනු දුන් පෙරොන්දු ඉටු කරනු යන තේමාව යටතේ ලබන 18 වනදා කොළඹදී උද්ඝෝෂණ මාලාවක් අාරම්භ කරන බව ඔහු පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us