දරුවන් හිංසාකාරී කටයුතු වල යෙදවීමට එරෙහි වන්න-අගමැති

Published in පුවත්
Friday, 12 June 2015 10:49

ළමා මෙහෙකාර සේවය පිටු දැකීමේ දිනය අදට යෙදී තිබේ.ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීමට එරෙහිව සහ ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස දරුවන් හිංසාකාරීව කුමන කටයුත්තකට යොදවා ගත්තද ජනතාව ඊට එරෙහිව කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අදට (12) යෙදී තිබෙන ළමා මෙහෙකාර සේවය පිටුදැකීමේ දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ළමයින් මෙහෙකාර සේවයේ යොදවාගැනීම හා ළමා මට්ටමට දැරිය නොහැකි ලෙස හිංසාකාරීව දරුවන් කුමන කටයුත්තකට යොදවාගත්තද එය බරපතළ වරදක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

ළමා ලොවට හිමි ආදරය, ඇගයීම සහ රැකවරණය ලබාදීම, දරුවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙමින් ලොවට සුදුසු පුරවැසියන් බවට පත්කිරීම සියලුම පුරවැසියන්ගේ වගකීමක් බවත්, ඒ පිළිබඳව අද දිනයේ සිට අධිෂ්ඨාන කරගත යුතු බවත් එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම්වලට අනුව වැඩ කිරීමට හැකියාව ඇති අවම වයස් සීමාව වයස අවුරුදු 14 ක් වුවද ලංකාවේදී එම වයස් සීමාව වයස අවුරුදු 18 ක් බවත්, මේ නිසා අප රටේ දරුවන්ට ළමා ලොවේ නිදහස්ව ජීවත්වීමට ඇති අයිතිය විශාල එකක් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මේ අතර, ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය අද සැමරීමට කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය කටයුතු යොදා ඇත.

මෙම දිනය ළමයින් ශ්‍රමිකයන් ලෙස යොදවාගැනීමට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමුකිරීමේ අරමුණින් 2002 වසරේදී පළමුවරට ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අනුව, කම්කරු දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත හා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනත යන ප්‍රධාන අණපනත්වල ළමයින් සේවයේ යෙදවීම සීමා කිරීමට විධිවිධාන ඇතුළත් කර ඇත.

එම විධිවිධාන උල්ලංඝනය කරන අවස්ථාවක් හෝ ළමා ශ්‍රමය හා අනතුරුදායක ළමා ශ්‍රමය වැළැක්වීම සම්බන්ධ තොරතුරක් දන්නේ නම් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා අංශයේ 0112 587 315/ 0112 369 800/ 0112 368 539 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසද කම්කරු දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටියි.

ලෝකයේ මිලියන 120ක් ළමුන් මෙහෙකාර සේවයේ නිරත වන බව වාර්තා වේ.

ලෝකයේ ළමා මෙහෙකාර සේවයට එරෙහිව හඬ නඟන රටවල් අතර ශ්‍රී ලංකා ඉදිරියෙන්ම සිටින රටක් බව ජාත්‍යන්තර කම්කරු සංවිධාන වාර්තා පෙන්වාදෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us