විපක්ෂය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත.
දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විසින් කටයුතු නොකිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ විරෝධය පළ කර ඇත.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ විශ්වාසභංග යෝජනා කඩිනමින් විවාදයට ගැනීමට පියවර නොගතහොත් පාර්ලිමේන්තු කටයුතු වලට සහය දීමෙන් වැළකී සිටීමට විපක්ෂයේ පක්ෂ කිහිපයක් තීරණය කර ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවද ඊයේ දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළත් කර ඇත.
එසේම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මස 04 වන දින විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ප්‍රකාශ කළේය.
adaderana