එලෙස හදිසියේ ගොඩ බස්වා ඇත්තේ MH148 නමැති මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකි.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපොළෙන් පියාසර කර පැයක පමණ කාලයක් තුළ එය යළි එම ගුවන් තොටුපොළට ම ගොඩ බස්වා ඇති අතර යානයේ එන්ජිම තුළ ඇති වූ ගින්නක් හේතුවෙන් ගොඩබස්වා අැති බව වාර්තා වේ.
එම අවස්ථාවේ ගුවන් යානයෙහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 දෙනෙකු පමණ සිට ඇත.
එම පිරිස නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.