මෙවර ප්‍රහාරය එල්ල වී ඇත්තේ හමුදාවේ සහ බුද්ධි අංශ නිධාරින්ගේ තොරතුරු වෙතයි. මෙම ප්‍රහාරයට චීනයේ සම්බන්ධතාවයක් ඇතැයි අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
සයිබර් ප්‍රහාරය හරහා ඇමරිකාවේ මිලියන 4 ගේ පමණ පෞද්ගලික තොරතුරු සොරාගෙන ඇතැයි විශ්වාස කෙරේ.
ප්‍රහාරයට ලක්වූ තොරතුරුවලට ඇමරිකාවේ හමුදා ප්‍රධානීන්ගේ ඇසේ වර්ණය, මුල්‍යමය ඉතිහාසය, යහළුවන්ගේ සහ නෑදෑයන්ගේ විස්තර පවා ඇතුලත් බව වාර්තා වේ. මෙම තොරතුරු සොරගැනීමත් සමඟ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙතැයි බියක් පවතියි.