225 මන්ත්‍රීන් ගණන 237 කරන්න කැබිනට් අනුමැතිය - 20 අද ගැසට් කරයි

Published in පුවත්
Friday, 12 June 2015 13:02

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සැදුම්ලත් නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අද(12) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට අදාළ අනුමැතිය හිමිව තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා වන යෝජනාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 වැඩි නොකිරීමට යෝජනා කර තිබුණි.

නමුත් අද රැස්වූ කැබිනට් මණ්ඩලය ආසන මට්ටමින් මන්ත්‍රීන් 145ක් තෝරාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදෙමින් දැනට පවත්නා මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 සිට 237 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබාදී ඇත.

මෙතෙක් මහජන නියෝජිතයින් 225ට ඉඩ තිබූ පාර්ලිමේන්තුවට තවත් මන්ත්‍රීන් 12 දෙනෙකුට පිවිසීමේ අවස්ථාව මේ හරහා උදා වනු අැත.

කැබිනට් අනුමැතිය ලැබුණු 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද දිනයේ ගැසට් කිරීමට නියමිත බව පැවසේ.

 

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us