ඔහු පෙන්වා දෙන්නේ වරදකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීමට හේතුව නීතිපති උපදෙස් නොලැබීම බවයි.
පසුගියදා කැස්බෑව ප්‍රදේශයෙන් සොයාගත් ලක්ෂ 400ක් පමණ වටිනා සුඛෝපභෝගි මෝටර් රථයේ අංකය ජනාධිපතිවරයා විසින් භාවිතා කරන මෝටර් රථයේ අංකයට සමාන බවත්, මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවේය.
නමුත් එම පරීක්ෂණවලට මේ දක්වා මාස 4ක පමණ කාලයක් ගතව ඇතත් එම පරීක්ෂණයේ ප්‍රගතියක් අදාළ ආයතනය විසින් දැනුම්දී නැති වීම පිළිබදව අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.