කෙසේ නමුත් ඊයේ දිනයේදීද මාතර පැවැති රාජපක්ෂවාදීන්ගේ රැළියේදී අවධාරණය කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන නව පක්ෂයකින් ශ්රීලනීපයේ විශාල පිරිසක් තරගකිරීමට සූදානමින් සිටින බවය.එමෙන්ම සිංහල ජාතිවාදී කොටස්වල සහයෝගයෙන් පමණක් අගමැතිධුරය ලබගත හැකි බව මෙම කණ්ඩායම විශ්වාස කරයි.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයේ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කර තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බවත් ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද වගේම, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද, උගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දත් පක්ෂයට ලබාගත යුතු බවත් සේනාරත්න ඇමැතිවරයා කීය.
ඉදිරි මහ මැතිවරණයේ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.