ලක්ෂ දහයක පමණ ජනතාවක් ඊට සහභාගි වූ බව මේ රාජපක්ෂවාදීන් ප්‍රචාරය කළද මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දදායකයන් ප්‍රමාණයද ලක්ෂ හය ඉක්ක්මවන්නේ යන්තමින්. පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත්තේ ඉන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයකි. කෙසේ නමුත් මේ ලක්ෂ තුනෙන් තිහෙන් පංගුවක්වත් මේ රැළියට සහභාගි වූයේ නැත. වැඩිම පිරිස පිටපළාත්වලින් ගෙන්වා ගනු ලැබූවන් විය.මෙම රැළිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 76 ක් හා පළාත් ස්භා මන්ත්‍රීවටු 1000ක් සහභාගී වූ බවටද ගෙන යන ප්‍රචාරයද බොරුවකි. වෙනදා මහින්ද පස්සේ ගිය දූෂිතයන් අපරාධකාරයන් හැර වෙනත් මන්ත්‍රීවරු එහි සිටියේ නැත.
මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලෙ කොටු පවුරට නැඟ විමසන්නට ඇත්තේ මේ සෙනග ඔරිජිනල් රුහුණු පුත්‍රයන්ද නැතිනම් කුලියට කහින්නද කියා විය හැකිය. වේදිකාවට ගොඩ නොවී ගියේ මහනුවරදී කුරුණෑගලදී නුගේගොඩදී රතන්පුරයේදී සිටි පිරිසම මෙහිත් සිටිනවා දැකවිය යුතුය. තමන්ව රජ කරවන්න තැනුනු වේදිකාවට ගොඩ නොවෙන්නට ඊට වඩා වෙනත් හේතුවක් ඔහුට තිබෙන්න නොහැකිය.
කෙසේ නමුත් සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ තමන් වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන මේ දැවැන්ත රැළිය දුටු විට පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණ රැළියක් පැවැත් වීමට ඉඩ ලබා නොදී කළ කෂඩ ක්‍රියාව මහින්දට මතක් වන්නටද ඇතිය. එදා මේ ක්‍රීඩාංගණය මංගල සමරවීර මහතා විසින් ඉල්ලා තිබියදී ක්‍රීඩාංගණයේ ගල් සුණු ගොඩ ගසා ඒ ලබා දිය නොහැකි බව පැවැසීය. පසුව මාතර උයන්වත්තේ පැවැති රැළියට අනේක බාධාකිරීම කළ අතර රැළිය අවස්ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර වල විදුලි රැහැන් පොලීසිය ලවා කපා දැමීමටද කටයුතු කළේය.
එහෙත් එවැනි කිසිවක් ඊයේ දිනයේදී සිදු වූයේ නැත. මංගල සමරවීර මහතා පොලීසියට උපදෙස් දී තිබුණේ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් , ආරක්ෂාව සලසා දෙන ලෙසය. ඒ අනුව කිසිදු බාධා කිරීමකින් තොරව රැළිය සාර්ථකව අවසන් විය. අවුලකට තිබුණේ රැළියේ කතිකයන්ගේ ජාතිවාදී හා මුසාවාදයන්ය. ලොකුම ජෝක් එක වූයේ මහින්ද රැළියට ගොඩ නොවී ආපසු යෑමය.