News Items (18842)
තමන් දායක වූ පළමු කලා නිර්මාණය නැරඹිමට, ප‍්‍රකාශනය කිරීමට හෝ ශ‍්‍රවණය කිරීමට නොහැකි වූ කලාකරුවෝ ලොව බොහෝ විසුවෝ ය. ලංකාවේ ද එවන් කලාකරුවෝ බහුල ය. ජනප‍්‍රිය තලයේ හිනිපෙත්තට ම නැගි එච්. ආර් ජෝතිපාල පළමුවෙන් ම ගායනා කළ ගීතය අදාළ චිත‍්‍රපටයේ අඩංගු නොවුණි. ඒ ආකාරයෙන් ම අද දින අලූයම අප අතරින් සමුගත් ප‍්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහ රඟපැ පළමු නිර්මාණය ද තිරගත නොවවුණි. ඒ සිරිසේන විමලවීර අධ්‍යක්ෂකනය කළ ‘‘පුංචි අම්මා’’ සිනමාපටය යි. ටෝනිට එම අවාසනාවන්ත ඉරණමට පුහුණපෑමට සිදුවන්නේ එම චිත‍්‍රපටය රූගත කරමින් සිටින කාලයේ දී ම සිරිසේන විමලවීර හදිසියේ අභාවප‍්‍රාප්ත වූ හෙයිනි.
රටම මුහුදට හෝදගෙන ගියත් වරාය නගරය ඉදිකරනවා - නීතිපති සහතික වෙයි
කොළඹ වරාය නගරය ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ඊයේ (15) අභියාචනාධිකරණය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර වේදීන්ගේ විරෝධය පළවෙයි.
ලෝකයේ විශාල ප්‍රමාණයක් කුසගින්නේ සිටින බව අපි සියලු දෙනා දන්නා කාරණයක්. විශේෂයෙන්ම ඉන්දියාවේ දුප්පත්කම සහ විවිධ හේතු නිසා කුසගින්නෙ සිටින ප්‍රමාණය අධිකයි.
පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ස්වයං රැකියා ණය ලබාදීම පුළුල් කෙරේ
එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරතව සිට පසුකාලීනව පූර්ණ පුනරුත්ථාපනය ලැබූවන් වෙනුවෙන් 2012 වසරේ දී ආරම්භ වී තිබූ ස්වයං රැකියා ණය ලබා දීමේ වැඩසටහන තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමට රජය තීරණය කර තිබේ.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ තැන්පතු වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ලලිත් කොතලාවලගේ බිරිය සිසිලියා කොතලාවල පිළිබඳ වාර්තාව ලබන අගෝස්තු 12 වැනිදා ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් රහස් පොලිසියේ ඉන්ටපෝල් ශාඛාවට නියෝග කර තිබේ.
සිංහල සිනමාව බිහි කළ විශිෂ්ටතම නළුවන්ගෙන් කෙනකු වූ ටෝනි රණසිංහ ගේ සම්පූර්ණ රංග චාරිකාවම කැටි කොට ගත් සුවිශේෂී සංවාදයක්. මේ සංවාදයේ විශේෂත්වය නම් මෙම සංවාදය මෙරට නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ විසින් සිදු කරනු ලැබීමය. ප්‍රසන්න නිර්මාණය කළ අවි නාටකයේ පරිවර්තකයා ද, පවුරු වළලු චිත්‍රපටයේ තිර කතා රචකයා ද වූ ටෝනි ඔහු අධ්‍යක්ෂණය කළ සිසිල ගිනි ගනී, අනන්ත රාත්‍රිය, පවුරු වළලු යන චිත්‍රපට ත්‍රිත්වයේම රඟපෑවේය.
වත්මන් අාණ්ඩුව මාස 4ට එතනේල් බලපත්‍ර 26 දී අැති බව විමල් වීරවංශ මහතා විසින් පසු ගිය දිනක පවසා අැති බවත් එම අායතන රජයට බදු වශයෙන් මිලියන 3,900 ක් ගෙවන අායතන බැවින් ඔවුන්ට බලපත්‍ර දීම සිදු කළ යුතු දෙයක් මිස අනිසි කටයුත්තක් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මේ ටිකේ වහිනවා වගේම තමයි රස්නෙත්. ගිණි ගහන්න පායනවා. අනාගතේ ලෝකෙ උෂ්ණත්වය කොහොම වෙයිද කියල දැනගන්න කැමති නැද්ද?
යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විත්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවන් 09 දෙනා වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට භාර දෙන ලෙසට යාපනය උර්කාවතුරෙයි මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා ඊයේ (15) නියෝග කෙළේය.
සංක්‍රමණික ගැටලුව ගැන යුරෝපා සංගම් අභ්‍යන්තර ඇමතිවරු අතර සාකච්ඡා
යුරෝපා සංගමයේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරුන්ගේ එකතුවෙන් මධ්‍යධරණි හරහා යුරෝපයට පැමිණීමට උත්සහ කරන සංක්‍රමණිකයන්ගේ ගැටළුව පිළිබඳ සාකච්ඡා අරඹා ඇත.
