හොර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළොත් නීති තදයි

Published in පුවත්
Tuesday, 16 June 2015 10:03

ලියාපදිංචි නොවු රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වැටලීමට ජාතික ඖෂධ අධිකාරිය දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබේ.

විදෙස් රටවලින් ආනයනය කර වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති ඇතැම් රූපලාවන්‍යය ද්‍රව්‍ය මෙරට ලියාපදිංචි වී නොමැති අතර එවැනි ද්‍රව්‍ය පාවිච්චි කිරීම තුළින් විවිධ සංකූලතා ඇතිවීම මෙන්ම ජීවිත අවදානමක් ද පවතින බව ජාතික ඖෂධ අධිකාරිය පවසයි.

එම නිසා ලියාපදිංචි නොවු රූපලාවන්‍යය ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන පිළිබඳව සොයාබැලීමට පියවර ගෙන ඇත.

ඊයේ දිනයේද දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කරන ආයතනයක් වටලා ලියාපදිංචි නොකළ රූපලාවන්‍ය ද්‍රව්‍ය 9ක් සොයාගෙන තිබේ.එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 4කට අධික වටිනාකමකින් යුතු නීති විරෝධී රූපලාවන්‍යය ද්‍රව්‍ය සොයා ගෙන අැත.

ඒ අනුව එම ද්‍රව්‍යය ආනයනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.මෙම වැටලීම් තව දුරටත් ක්‍රියාත්මකය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us