ජිනීවා සැසිවාරයේදී ලංකාව ගැන අවධානය යොමු කරයි

Published in පුවත්
Tuesday, 16 June 2015 09:49

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ දූෂණයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් පසුවන බව අැමරිකාව පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව පියවර ගත යුතු බවයි.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 29 වන සැසිවාරයේ දී වාර්තාවක් ඉදිරිපත් කරමින් අමෙරිකාව මෙම අදහස් පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 29 සැසිවාරය ඊයේ(15) ආරම්භ වු අතර එය ලබන මස 03 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

එම සැසිවාරය ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළකර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ වගවීම සහ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීම සඳහා විශ්වාසනීය යාන්ත්‍රණයක් අවශ්‍ය බව ඔහු එහිදී පෙන්වා දී තිබේ.

ලබන සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව තුළින් ඒ පිළිබඳ අවධානය යොමුකරන බව මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒම පිළිබඳව ද සෙයිද් රාද් අල් හුසෙන් සිය සතුට පළ කර තිබේ.

නිරන්තරයෙන් ශ්‍රී ලංකා රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

අද දෙරණ

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us