රටම මුහුදට හෝදගෙන ගියත් වරාය නගරය ඉදිකරනවා - නීතිපති සහතික වෙයි

Published in පුවත්
Tuesday, 16 June 2015 12:40

කොළඹ වරාය නගරය ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රජය බලා‍පොරොත්තු වන බව නීතිපතිවරයා ඊයේ (15) අභියාචනාධිකරණය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරිසර වේදීන්ගේ විරෝධය පළවෙයි.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ එම ප්‍රකාශය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා කියා සිටියේ ‘වරාය නගරය’ ඉදිකිරීම මුල් අදියර ආරම්භ කොට ඇත්තේ ‘පරිසර වාර්තා ලබාගැනීමෙන් පසුව‘ බවත් හෙළිදරව් කළේය.

ඒ කෙසේ නමුත් මේ වන විටත් මෙම වරාය නගරය හේතුවෙන් වැල්ලවත්ත - ගල්කිස්ස වෙරළ තීරය දැඩි මුහුදු කෑමකට ලක්ව ඇති අතර නුදුරේම මුහුදු බඩ දුම්රිය මාර්ගයද මුහුදුට බිලිවනු ඇති බවට පරිසරවේදීන් මත පළ කර සිටී.

සභාපති විනිසුරු විජිත් කේ. මලල්ගොඩ හා විනිසුරු එච්. සී. ජේ. මඩවල යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නීතිපතිවරයා මෙලෙස ප්‍රකාශකරනු ලැබුවේ ඒ පිළිබඳව ගොනුකොට ඇති රිට් පෙත්සම ඉදිරිපත්වූ අවස්ථාවේදීය.

කොළඹ ‘වරාය නගරය’ ඉදිකිරීම නතර කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකරන ලද්දේ ‘පරිසර යුක්තිය’ සඳහා වූ කේන්ද්‍රය’ නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි.

පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ අධිකාරිය හා එහි අධ්‍යක්ෂ ජනරාල්වරුන්ද, මධ්‍යම පරිසර අධිකාරිය සහ සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරිං සමාගමද නම්කොට ඇත.

හෙක්ටයාර් 300 ක පමණ මුහුදු ප්‍රදේශයක් ගොඩකරමින් මෙම වරාය නගරය ඉදිකරීම සඳහා අවසර ලබාගෙන ඇතත් එම ප්‍රමාණය දෙගුණයක් දක්වා වැඩිකරමින් හෙක්ටයාර් 575 ක් මුහුදු ප්‍රදේශය ගොඩකිරීමට වගඋත්තරකරුවන් ක්‍රියාකර ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ප්‍රකාශ කොට තිබිණි.

පෙත්සම් විභාගයේදී අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා කියා සිටියේ වරාය නගරය දෙවන පියවර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පාරිසරික වාර්තා ලබාගත යුතුව ඇති බවත් එම වාර්තා ද ලබාගෙන ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට රජය බලා‍පොරොත්තු වන බවත්ය.

වරාය ඉදිකිරීමෙන් වන පරිසර හානිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කළ පරිසර්වේදී කතිකාචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතාගෙන් අප කළ විමසීමක්දී ඔහු පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ගන්නා උත්සාහයත් මේවන විට සිදුව ඇති පරිසර විනාශය තවදුරටත් ව්‍යාප්තවීම වැලැක්වීම වෙනුවෙනුත් ජනතාව සමඟ එක්ව ක්‍රියාමාර්ග ගැනීම සිදුවියයුතු බවය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සිදු කරන බවය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ න් සිදුවන හානිය රටේ ජනතාවගෙන් වසන් කිරීම සඳහා ඇතැම් මාධ්‍ය ආයතන ගෙන යන වැඩ පිළිවෙලද හෙළිදරව් කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

සබැදි පුවත්

වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් මුහුදු කෑම උග්‍ර වෙලා

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us