වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් මුහුදු කෑම උග්‍ර වෙලා

Published in පුවත්
Monday, 15 June 2015 11:07

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන යන ප්‍රදේශවල වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බවට වෙරළාසන්නව පදිංචි වී සිටින ධීවර ජනතාව චෝදනා කරයි.

රත්මලාන වෙරළ කලාපයේ සිදු වී ඇති වෙරළ ඛාදනය හේතුවෙන් පවුල් සියයකට ආසන්න පිරිසක් පීඩාවට පත් වී ඇති බව බීබීසී සංදේශය වාර්තා කරයි.
‘ගොඩ කිරීම් කරලා දැන් ඒ හරහා නිසි ප්‍රමාණයට රැල්ල ගහන්නේ නැහැ. ඒ රැල්ල ඔක්කොම දැන් ගොඩින් තමයි යන්නේ එළියට. ඒ හින්දා තමයි මේ ඔක්කොම ගෙවල් ඛාදනය වෙලා යන්නේ’ වෙරළාසන්නයේ පදිංචි වී සිටින ජනතාව පවසයි.

මීට පෙර පැවතියාට වඩා මෙවර වාරකන්න රැල්ල ප්‍රචණ්ඩ වී ඇති බව වෙරළාසන්න පදිංචිකාරියක වන සුසිතා කියා සිටියා ය.

‘මෙච්චර කාලයකට මේ වගේ විපතක් වුනේ නැහැ. තාම වාරකන් දැන් පටන් ගත්තා විතරයි. එතකොට මේ ගෙවල්, රේල් පීල්ලටම දෝරෙ එන්න පුළුවන්. සහනාධාර මල්ලක් අපට හම්බවෙලා වැඩක් නැහැ. අපිට ඕනි ඇත්තටම නිවසක්’ ඇය සඳහන් කළා ය.

පීඩාවට පත් ධීවර ජනතාව වෙනුවෙන් ඉදි කර තිබෙන නිවාස නිසි ක්‍රමවේදයකට බෙදා දී නොමැති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

තම ජීවිතවලට හානියක් සිදුවීමට පෙර එම නිවාස බෙදා දීමට කටයුතු කරන මෙන් පදිංචිකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

‘රෑකට එහෙම බිත්තියක් කඩා වැටුනොත් මේ කිරි දරුවෝ නිදාගන ඉන්න කොට. ඒ දෙයක් වෙන්න කලින් නිසි බලධාරීන් ක්‍රියාත්මක වෙන්න ඕනි’ සුසිතා පැවසුවා ය.
ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර ඇගැයීම් වාර්තා පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම විනාශය සිදු වී ඇති බව පීඩාවට පත් ධීවර ජනතාව පිළිබඳ සොයා බැලීමට එහි ගොස් සිටි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත පෙන්වා දෙයි.

‘දැනට තාවකාලිකව නතර කර තිබුණත් මේ ප්‍රශ්නය රටේ ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. තව ටික දවසක් යනකොට මේ රේල් පාරත් නැතුව යනවා මේ තත්වය තුළ. ගල්කිස්ස පැත්තට යන කොට වෙරළත් අහිමි වෙන එකක් තියනවා. වෙරළක් නැති මුහුදක් මේ පැත්තට ලැබෙන්න යන තත්වයක් දැන් මතුවෙලා තියනවා ’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරත් කියා සිටියේ ය.

colombopost

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us