News Items (18842)
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ පරාජිත මහින්ද රාජපක්ෂ අතර සුසංයෝගයක් සිදු වන බව රාජපක්ෂට හිතවත් මාධ්‍ය ආයතන ගෙන යන ප්‍රචාරය අසත්‍ය එකක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවත් මාධ්‍ය හමුවක් අමතමිනි.
ප‍්‍රංශයේ පැරිස් සිට ශ‍්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ගුවනේදී වායු අවපාතයකට ලක්ව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය සංවර්ධන කළමනාකරු දීපාල් වී. පෙරේරා මහතා පැවසුවේ එහිදී කාර්යමණ්ඩලයේ 4 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි. ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
තවමත් ලෝකේ බොහෝ පිරිසක් පිහිට පතාගෙන පන්සල් පල්ලි කෝවිල් ගානෙ යනවා. ඉන්දියානුවන් අතර මෙවැනි මිත්‍යා විශ්වාස බහුලව දකින්න ලැබෙනවා.
ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස හෙට කලා භවනේ
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය පිණිස 2015.06.19 වන දා එනම් හෙට දින මධ්‍යහන 12.00 සිට ප. ව. 2.00 දක්වා ජාතික කලා භවනේ තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.
ඊනියා ආගම් සහ සංස්කෘතිකවාදයේ ඇතුළුවත ‘‘විකිණී අහවරයි’’
ප්‍රවිෂ්ටය
මිනිස් ජීවීන් වහලූන් ලෙස යොදා ගනිමින් ලෝකයේ උසස් නිර්මාණ කළ බවට සාක්ෂි අපමණ ය. ඒ ආකාරයෙන් වහලූන්ගේ සේවය ලබාගැනීම මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා වූ ඇරිස්ටෝටල් ද අනුමත කොට ඇති බව ඉතිහාසයේ ලියැවී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටනේ ප්‍රමුඛයන් වූ විමල් වීරවංශ උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර හා දිනේෂ් ගුණවර්ධන මේ වන විට එම සටනේ පසුපෙළට ඇද දමා ශ්‍රීලනීපයේ පිරිසක් ඉදිරියට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
ජනතාව නැවත හොර කල්ලියකට රට භාරදෙන්නේ නෑ-ගයන්ත(audio)
මෙරට ජනතාව කිසිසේත් නැවත හොර කල්ලියකට රට භාර දීමට සූදානම් නැති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාව මත බර පටවන ,මහජන දේපල ගසා කන,සුදුවෑන් වලින් මාධ්‍යවේදීන් පැහැරගන්නා ආණ්ඩුවකට ජනතාව යළි ජනවරමක් ලබා නොදෙන බවත් මේ වන විට ඔවුන් ප්‍රතික්ෂේපවී හමාර බවත් පැවසුවේය.
අමෙරිකාවේ දේවස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් 9ක් මරුට
අමෙරිකාවේ දකුණු කැරොලිනා හි ඓතිහාසික ක‍්‍රිස්තියානි දේවස්ථානයක ඊයේ(17) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් නම දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාකොලගනේ කැලෑව කැළෑ පාලුවන් වනසයි,ගොවි පවුල් 1050ක් අසරණයි(photos)
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ආසනයේ ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොලගනේ කැලෑ කොටස මේ වන විට බහු ජාතික සමාගම් කිහිපයක් විසින් සහමුලින් වනසා දැමීම අරඹා ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇත. පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.
