එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වේ

Published in පුවත්
Thursday, 18 June 2015 09:56

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීමක් හෙට(19) පැවැත්වීමට නියමිතය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.30ට මෙම කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි.

දේශපාලන වශයෙන් වැදගත් එකඟතා කිහිපයකට පැමිණීමේ අරමුණින් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා කෘත්‍යාධීකාරී මණ්ඩලයේ සියළු සාමාජිකයින්ට සහභාගී වීම අනිවාර්ය කර තිබේ.

20වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පිළිබඳව සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේය.

කඩිනමින් පාර්ලිමේන්තුව විසිරුවා මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කර තිබුණි.

ඒ පිළිබඳව ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී ඇති අතර ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන්ද හෙට රැස්වන කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වනු ඇති බව වාර්තාවෙයි.

මේ අතර යෝජිත නව මැතිවරණ ක්‍රම සංශෝධනයෙන් සුළු පක්ෂ වලට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර 20වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණි.

එහිදී නව ව්‍යවස්ථා සංශෝධනයෙන් සුළු පක්ෂ වලට අසාධාරණයක් නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

අද දෙරණ

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us