රාජපක්ෂලාට තියෙන්නේ මිනීමරු ඉතිහාසයක්-රන්ජන්(audio)

Published in පුවත්
Thursday, 18 June 2015 14:14

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ පරාජිත මහින්ද රාජපක්ෂ අතර සුසංයෝගයක් සිදු වන බව රාජපක්ෂට හිතවත් මාධ්‍ය ආයතන ගෙන යන ප්‍රචාරය අසත්‍ය එකක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවත් මාධ්‍ය හමුවක් අමතමිනි.

පරාජිත ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු පවා පසුගිය දිනවල ප්‍රකාශ කළ පරිදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අගමැති අපේක්ෂකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම‍ට පොරොන්දු වූ බව පැවසීම ඔවුන‍්ගේ හිතලුවක් මිස කිසිදා සිදු නොවන්නක් බව හෙතෙම පැවසුවේය.

මහින්දට කිසි දිනක අගමැති අපේක්ෂක කම ලබා නොදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව පවා තමාට පැවසූ බවත් ඔහු මාධ්‍යයට පවා ඒ ගැන පවසා ඇති බව සදහන් ඔහු සදහන් කළේය.මන්දයත් මහින්ද රාජපක්ෂට අගමැතිකම ලැබුන හොත් ඔහු ජනාධිපතිවීමට වියදම් කරන්නේ වෙඩි උණ්ඩයක් පමණක් බව වත්මන් ජනාධිපතිවරයා පැවසූ බව කීවේය.

සැබවින්ම පරාජිත ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ එම පවුලට ඇත්තේ මිනීමරු ඉතිහාසයක් බවත් එය ඔවුන්ගේ ජාන ගතව පවතින නිදන්ගත රෝගයක් බවද රාමනායක මහතා පැවසුවේය. අවුරුදු 23 ක් වයසැති රගර් ක්‍රීඩක තජුදීන් මරාදැමීම,මාධ්‍යවේදීන් මරාදැමීම ආදිය රාජපක්ෂ පවුලේ වැඩ බවත් හම්බන්තොට ජනතාව පවා මේ තත්වය හොදින් දන්නා බවත් මුල්කිරිගලදී තිදෙනෙකුට වෙඩි තබා මරා දැමූ හිටපු ජනපති පිළිබදව අලුතෙන් කියන්නට දෙයක් නැති බවද පැවසුවේය.

මිනීමරුවෙකුට මිනීමරුවා කියන්නට බය විය යුතු නැති බවත් ජනතා මුදලින් ය‍ැපෙන්නන් ලෙස හෙ‍ාරුන්,මිනීමරුවන් හෙළි කරන්නට හා ජනතා මුදල් කොල්ලකෑ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කරන්නට තමා බැදී සිටින බවත් පැවසුවේය.

මේවා මඩ ප්‍රචාර නොවන බවත් ප්‍රසිද්ධ විවාදයකට එන්නේ නම් ඒවා ඔප්පුකර පෙන්වීමට වුවද තමා සූදානම් බව පැවසුවේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ පන්සල් වලට ගොස් හිටපු ජනපතිට ජයවේවා කියන ජනතාව ගැන කණගාටු වන බවයි. හොරුන්ට,මිනීමරුවන්ට කඩේ යන්න එපා යනුවෙන් තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසුවේය.

මිනීමරු රාජපක්ෂ අවුරුදු නවයක් පුරා බලුකම් කුපාඩිකම් සිදු කර එම වැරදි හදාගැනීමට යැයි පවසා දැන් තවත් අවස්ථාවක් ඉල්ලා සිටින බවත් මෙවැනි පුද්ගලයන්ට යළිත් බලය ලබා දීමට මෙරට ජනතාව කටයුතු නොකරනු ඇති බව රාමනායක මහතා පැවසුවේය.


රාමනායක මහතාගේ සම්පූර්ණ කතාවට පහතින් සවන්දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ranja2015-06-18-111852{/soundcloud}

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us