අවස්ථා දෙකකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට පැමිණි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. පළමු අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය ධුරය ඉල්ලා තිබේ. දෙවන අවස්ථාවේ දී ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් ඉලලීම් 2ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ සිහින සැබෑ නොවන බවය.