ජනතාව නැවත හොර කල්ලියකට රට භාරදෙන්නේ නෑ-ගයන්ත(audio)

Published in පුවත්
Thursday, 18 June 2015 12:08

මෙරට ජනතාව කිසිසේත් නැවත හොර කල්ලියකට රට භාර දීමට සූදානම් නැති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජනතාව මත බර පටවන ,මහජන දේපල ගසා කන,සුදුවෑන් වලින් මාධ්‍යවේදීන් පැහැරගන්නා ආණ්ඩුවකට ජනතාව යළි ජනවරමක් ලබා නොදෙන බවත් මේ වන විට ඔවුන් ප්‍රතික්ෂේපවී හමාර බවත් පැවසුවේය.

ජනවාරි 08 වන දා මෙරට ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ නව රජය පිහිටවූයේ නව පාලනයක් ඇති කිරීමට බවත් පැහැදිලි වැඩපිළිවෙලක් සහිතව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවූ විට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බවත් ඒ සුසංයෝගයෙන් යහපාලනයක් ගෙනයන බවටත් ජනතාව දැනුවත්ව මේ ජනවරම ලබාදුන් බව පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පිරිසුදු සුසංයෝගය අකර්මන්‍ය කිරීම සදහා මේ වන විටත් මැදමුලන පරාජිත කල්ලිය අසාර්ථක උත්සාහයක නිරතවන බව හෙතෙම කීවේය.

එලඹෙන මහ මැතිවරණයේදී ජනතාවට තමන් කැමති නියෝජිතයින් පත්කර ගෙන බහුතර ආණ්ඩුවක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර ගැනීමට හැකි බවත් එහිදී අද කෑගසන බොරු වීරයන්ට ජනතාවිශ්වාසය භංගවී ඇත්තේ කවුරුන් පිළිබදවද යන්න ප්‍රත්‍යක්ෂව බලා ගත හැකි වනු ඇති බවත් පැවසුවේය.

ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන අවස්ථාවක ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග ගෙනවිත් එය කඩාකප්පල් කරන එකම රට ලංකාව පමණක් විය හැකි බවද ඔහු පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/gayantha2015-06-18-104205{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us