පරිප්පු බදු අඩුවේ පාම් ඔයිල් බදු වැඩි වේ

Published in පුවත්
Thursday, 18 June 2015 10:48

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇත. පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.

ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාව වැලැක්‌වීම සඳහා ආනයනික රතු පරිප්පු හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක්‌ පැවති කිලෝ ග්‍රෑමයකට රුපියල් 5.00 ක්‌ වූ ආනයනික විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ද ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක්‌ සඳහා ශත 25 ක්‌ දක්‌වා පහත දමනු ලැබීය.

මේ සමග පරිප්පු කිලෝවක්‌ සඳහා මෙතෙක්‌ අය කළ රු. 5.00 බද්ද රු. 4.75 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

එසේම දේශීය වෙළඳපොළ තුළ පොල් මිල හා පොල්තෙල් මිල ඉහළ යාම හා ආනයනික ආහාරයට ගනු ලබන අනෙකුත් පොල්තෙල් නොවන තෙල් වර්ග පොල්තෙල් සමඟ මිශ්‍ර කර අලෙවි කිරීම පිළිබදව ලැබී ඇති පැමිණිලි හේතුවෙන් එවැනි කූට වෙළෙදාම් අධෛර්යමත් කිරීම පහසු වන පරිදි මෙරටට ආනයනය කරන ආහාරයට ගනු ලබන අනෙකුත් තෙල් වර්ගයන්හි කිලෝ ග්‍රෑමයකට රු. 90.00 ක්‌ ලෙස පැවැති විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රජය විසින් ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක්‌ සඳහා රු. 110.00 ක්‌ දක්‌වා ඉහළ දමා ඇත.

ඊයේ මෙම සංශෝධනය සිදු කර ඇත්තේ අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මඟිනි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us