නමුත් හීලෑ අලි ඇතුන්ගේ වාර්ෂික බලපත්‍ර මේ වනතුරු නොලැබීම තුළ සුළු අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේය.
හීලෑ අලින් ලියාපදිංචි කිරීම සඳහා අලි හිමියන් මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා ඇතත් මේ වනතුරු වාර්ෂික බලපත්‍ර නොලැබී ඇත.
මේ පිළිබද දෙපාර්තමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තු වන බව දියවඩන නිලමේවරයා පැවසීය. ඒ අනුව පවතින ගැටලුව ඉන්මනින්ම නිරාකරණය වීම අපේක්ෂා කළ හැකිය.