යාපනය කයිට්ස් හීදී පැහැරගෙන අපයෝජනය කර මරා දැමුණූ සිවලෝගනාදන් විත්‍යා පාසල් සිසුවියගේ මරණයත් සමග යාපනයේ ඇතිවූ නොසන්සුන්තාව සහ පොලිසියේ හැසිරීම ගැන මූලික විමර්ශනයක් සිදු කෙරුණි.

මගී ජනතාවට නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වඩා කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට රජය සෑම පියවරක්ම ගන්නා බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මාසික සිනමා දැක්ම 16

Published in කලා
Tuesday, 23 June 2015 10:33

මෙවර Pan Nalini ගේ SAMSARA සිනමා කෘතිය 2015 ජුනි මස 28 වන ඉරිදා සවස 3.00 ට මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූයේ බැසිල් රාජපක්ෂ විසින් එම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම නිසා බවට බරපතල චෝදනාව නාමල් රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශලාද දිගින් දිගටම නැගූව නමුත් යළි මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටනට නායකත්වය දීම බැසිල් රාජපක්ෂටම පවරා ඇති බව හෙළිවේ.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගෙන් ඊයේ(22) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය තුන හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ජනාධිපති කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙනත් ආයතනවලට මාරු කිරීමේ හදිසි වැඩපිළිවෙළක්‌ ආරම්භ කරනු ලැබ ඇති බව දිවයින පුවත් පත වාර්තා කරයි.

ඇති 225 ඇති

Published in පුවත්
Tuesday, 23 June 2015 09:55

පාර්ලිමේන්තුවේ අතිගරු මන්ත්‍රීවරුන් මේ දවස්වල තමන්ගේ කාලය සහ ශ්‍රමයෙන් වැඩි හරියක් කැප කරන්නේ ඊළඟ වසර හයක කාලය සඳහා වන තම කුට්ටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. මුළු රට පුරාම ඇසෙන්නේ 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය, 20 වැනි සංශෝධනය යන එකම රාවයයි. දින 100 තුළ ඇති කරගනිතැයි කී අතිශය අත්‍යාවශ්‍ය ‘තොරතුරු දැන ගැනීමේ පනතට’ හෙණ ගැසුවත් කම් නැත. ගිය සතියේ මේ තීරුවේ සඳහන් කළ කුණු කඳු ගොඩගැසීමේ ප්‍රශ්නයත් යකාට ගියදෙන්. යහපාලනය තදින්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයත් ඔහේ පැත්තක තිබුණාදෙන්. ඔවුන් සියල්ලන් එක හඬින් කෑගසන්නේ, 20 වැනි සංශෝධනය තුළ අඩංගු අනාගතේ අපට ලැබෙන පාර්ලිමේන්තුව කෙසේ විය යුතුද යන්න ගැනයි.

ගාල්ල පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතා විදේශ ගතවීම කෙරෙහි රහස් පොලිසියේ කිසිදු විරෝධතාවක් නොමැති බවට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, සිය ව්‍යාපාර කටයුතු සඳහා සේනාධිපති මහතාට මාස 03ක කාලයක් විදේශ ගතවීමට ඊයේ (22දා) අවසර ලබා දුන්නේය.

“අපේ රටේ ජීවත්වන පුරුෂයන් සමග ලිංගික සබඳතා පවත්වන පුරුෂයන් අතර කාන්තාවන් ලෙස හැඩවුණු පිරිමි අය ඉන්නවා. ප්‍රාථමික සමාජයක මිනිසුන් මෙන් ඔවුන් විහිලු තහළුවලට ලක් කරනවා. විරුද්ධ ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන්ට බැණ වදිනවා. අපහාස කරනවා. සමලිංගිකත්වය සාමාන්‍ය මානසිකත්වයක්” මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ UNAIDS ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා ජනමාධ්‍යයට කළ ප්‍රකාශයකිනි.

උපතින්ම ආබාධිතව වසරකට දරුවන් 6500 ක් මෙරටදී උපත ලබන බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වෙයි.

Connet With Us